ජෙරෙමියා 31:35-37
ජෙරෙමියා 31:35-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහවල එළිය කරන්නට හිරු සපයා දෙන, රැයෙහි එළිය දීමට සඳුටත්, තරුවලටත් නියෝග කරන, රළ රැළි ඝෝෂා කරවීමට මුහුද කලඹවන, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. “මෙම ස්ථාපිත නියෝග මා හමුවෙන් පහව ගියහොත් මිස, ඉශ්රායෙල් ප්රජාව මා අබියස ජාතියක් ව පැවතීම, කිසි කලෙක නවතින්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉහළ අහස් කුස මනින්නට හැකි නම් හා පහළ පොළෝ ගැබ අත්තිවාරම් සොයන්නට හැකි නම් පමණක් මම ඉශ්රායෙල් ප්රජාව පිටු දකින්නෙමි, ඔවුන් විසින් කර ඇති සියලු දෑ නිසා යැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
ජෙරෙමියා 31:35-37 Sinhala Revised Old Version (SROV)
දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. ඒ නියෝග මා ඉදිරියෙන් පහවුණොත් ඉශ්රායෙල් වංශයත් කවදාවත් මා ඉදිරියෙහි ජාතියක්ව නොසිටින ලෙස පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 31:35-37 Sinhala New Revised Version (NRSV)
දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක. ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
ජෙරෙමියා 31:35-37 Sinhala New Revised Version 2018 (SNRV)
දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක. ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
ජෙරෙමියා 31:35-37 New International Version (NIV)
This is what the LORD says, he who appoints the sun to shine by day, who decrees the moon and stars to shine by night, who stirs up the sea so that its waves roar— the LORD Almighty is his name: “Only if these decrees vanish from my sight,” declares the LORD, “will Israel ever cease being a nation before me.” This is what the LORD says: “Only if the heavens above can be measured and the foundations of the earth below be searched out will I reject all the descendants of Israel because of all they have done,” declares the LORD.