ජෙරෙමියා 31:2-6
ජෙරෙමියා 31:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “කඩුවෙන් බේරී ඉතිරි වූ ජනයාට පාළුකරයේදී අනුග්‍රහය සම්බ විණ. ඉශ්‍රායෙල්ට විශ්‍රාමය දෙන්නට මම එන්නෙමි.” ඈත එපිට සිට ස්වාමින්වහන්සේ මට පෙනුණු සේක, “සදාතනික ප්‍රේමයකින් මම ඔබට ප්‍රේම කළෙමි. එබැවින් ඔබට මගේ විශ්වාසවන්තකම දිගට ම පවත්වා තිබේ. නැවතත් මම ඔබ ගොඩ නගන්නෙමි. ඔබ යළි ගොඩ නැගෙනු ඇත. එම්බා ඉශ්‍රායෙල් කන්‍යාවිය, නැවතත් ඔබ, ඔබේ රබන් රැගෙන, උත්සව පවත්වන්නන් සමඟ නැටුමට බසිනු ඇත. සමාරියේ කඳු මත නැවතත් ඔබ මිදි වතු වවනු ඇත. වැවිලිකරුවන් ඒවා වවා, ඒවායේ පල භුක්ති විඳිනු ඇත. මන්ද එප්‍රායිම් කඳු රටේ මුරකරුවන් මෙසේ හඬ ගසන දවසක් උදා වේ: ‘එමු, ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ වෙත, සියොනට නැග යමු’ යි” කියනු ලැබේ.
ජෙරෙමියා 31:2-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය. ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක. එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය. නැවත නුඹ සමාරියේ කඳුවල මිදිවැල් හිටවනවා ඇත. වවන්නෝ ඒවා හිටවා එහි ඵල භුක්ති විඳින්නෝය. මක්නිසාද නැගිටින්න, සියොන්ට, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නැගීයමුයයි එප්‍රායිම් කඳුවල රැකවලුන් මොරගසන දවසක් පැමිණෙන්නේය.
ජෙරෙමියා 31:2-6 Sinhala New Revised Version (NRSV)
කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට, ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි. එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය. නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය. මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”
ජෙරෙමියා 31:2-6 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරෙමියා 31:2-6 New International Version (NIV)
This is what the LORD says: “The people who survive the sword will find favor in the wilderness; I will come to give rest to Israel.” The LORD appeared to us in the past, saying: “I have loved you with an everlasting love; I have drawn you with unfailing kindness. I will build you up again, and you, Virgin Israel, will be rebuilt. Again you will take up your timbrels and go out to dance with the joyful. Again you will plant vineyards on the hills of Samaria; the farmers will plant them and enjoy their fruit. There will be a day when watchmen cry out on the hills of Ephraim, ‘Come, let us go up to Zion, to the LORD our God.’ ”