ජෙරෙමියා 31:1-40

ජෙරෙමියා 31:1-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“එකල්හි ඉශ්‍රායෙල් පෙළපත් සියල්ලේ ම දෙවියන්වහන්සේ මා වනු ඇත. ඔවුන් මගේ ජනතාව වනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “කඩුවෙන් බේරී ඉතිරි වූ ජනයාට පාළුකරයේදී අනුග්‍රහය සම්බ විණ. ඉශ්‍රායෙල්ට විශ්‍රාමය දෙන්නට මම එන්නෙමි.” ඈත එපිට සිට ස්වාමින්වහන්සේ මට පෙනුණු සේක, “සදාතනික ප්‍රේමයකින් මම ඔබට ප්‍රේම කළෙමි. එබැවින් ඔබට මගේ විශ්වාසවන්තකම දිගට ම පවත්වා තිබේ. නැවතත් මම ඔබ ගොඩ නගන්නෙමි. ඔබ යළි ගොඩ නැගෙනු ඇත. එම්බා ඉශ්‍රායෙල් කන්‍යාවිය, නැවතත් ඔබ, ඔබේ රබන් රැගෙන, උත්සව පවත්වන්නන් සමඟ නැටුමට බසිනු ඇත. සමාරියේ කඳු මත නැවතත් ඔබ මිදි වතු වවනු ඇත. වැවිලිකරුවන් ඒවා වවා, ඒවායේ පල භුක්ති විඳිනු ඇත. මන්ද එප්‍රායිම් කඳු රටේ මුරකරුවන් මෙසේ හඬ ගසන දවසක් උදා වේ: ‘එමු, ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ වෙත, සියොනට නැග යමු’ යි” කියනු ලැබේ. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් උදෙසා ප්‍රීතියෙන් හඬ නගා ගී ගයන්න; ජාතීන් අතර ප්‍රධාන ජාතිය උදෙසා ඔල්වරසන් දෙන්න. ප්‍රකාශ කරමින්, ස්තුති දෙමින් මෙසේ කියන්න. ‘අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ ඉතිරි ස්වල්ප දෙනා වන ඔබේ ජනතාව ගැලෙවුව මැනව.’ මෙන්න! උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි. පොළොවේ දුරස්ථ පෙදෙස්වලින් මම ඔවුන් රැස් කරන්නෙමි. අන්ධයින් හා කොරුන් ද ගැබ්බර කාන්තාවන් හා ප්‍රසව අවස්ථා-ඇත්තියන් ද ඔවුන් අතරේ වනු ඇත. මහා ජන සමූහයක් ආපසු එනු ඇත. වැලපෙමින් ඔවුන් එනු ඇත. අස්වසමින් මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. දිය පාරවල් අසලින් ගමන් කරන්නටත්, පැකිළීමක් නැතිව යා හැකි සමතලා මාවතක ගමන් කරන්නටත් මම ඔවුන්ට සලස්වමි. මන්ද මම ඉශ්‍රායෙල්ට පියකු ය. එප්‍රායිම් මගේ කුලුඳුල් පුත්‍රයා ය. “එම්බා ජාතීනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු. ඈත එපිට වෙරළබඩ දේශයන්හි මෙය ප්‍රකාශ කරන්න: ‘ඉශ්‍රායෙල් විසුරුවා දැමූ තැනැත්තාණන් ම ඔවුන් එක් රැස් කරනු ඇත. ඔහු රැකගන්නේ එඬේරකු තම රංචුව බලාගන්නා සේ ය.’ ස්වාමින්වහන්සේ යාකොබ්ගේ වන්දිය ගෙවා, ඔහුට වඩා ප්‍රබලයාගේ අතින් ඔහු මුදා ගත් සේක. ඔවුන් පැමිණ, සියොන් කඳු මුඳුන්හි සිට මහ හඬින් ගී ගයනු ඇත. ධාන්‍යයෙන් ද අලුත් මිදි යුෂවලින් හා තෙලින් ද ගව, එළු, බැටළු රංචුවලින් ද යුතු ස්වාමින්වහන්සේගේ යහ ගුණයෙන් ඔවුහු ප්‍රීතියෙන් ප්‍රමෝද වෙති. ඔවුන්ගේ ජීවිත, නිසි සේ ජලය සැපයූ උයනක් මෙන් වනු ඇත. යළි ඔවුන් මැලවී යන්නේ නැත. එකල කන්‍යාවන් නටමින්, ඔකඳ වනු ඇත. තරුණයින් හා මහල්ලන් ද සතුටින් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ වැලපීම, මම ප්‍රමෝදයට හරවන්නෙමි. සන්තාපය වෙනුවට මම ඔවුන්ට සැනසිල්ලත්, ප්‍රීතියත් ගෙන දෙන්නෙමි. මම බහුලත්වයෙන්, පූජකයින් තෘප්තියට පමුණුවමි. මගේ ගුණවත්කමින් මගේ ජනතාව ද තෘප්තියෙන් පුරවමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “කටහඬක් රාමාහි ඇසිණ. විලාපයක්, දැඩි විලාපයක හඬකි එය. රාඛෙල් තම දරුවන් ගැන වැලපෙන්නී, සැනසෙන්නට නො කැමැත්තී ය. මන්ද උන් ජීවත් ව නැත.” ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබේ කටහඬ වැලපීමෙන් ද ඔබේ ඇස් කඳුළින් ද වළක්වාගන්න. මන්ද ඔබේ කාරියට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “සතුරන්ගේ දේශයේ සිට ඔවුහු පෙරළා එන්නෝ ය. එබැවින් ඔබේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබේ දරුවන් තමන්ගේ ම දේශයට පෙරළා එනු ඇත. “එප්‍රායිම්ගේ දුක්-ගැනවිල්ල මට ඇසුණේ මෙලෙසිනි: ‘ඔබ, මා හික්මවී ය. නො දැමුණු ගොන් වස්සකු පරිද්දෙන් මම හික්මවීම ලදිමි. යළි පිහිටවනු ලබන පිණිස, මා ආපසු ගෙන ආ මැනවි. මන්ද මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ ය. මා ඉවත හැරී ගිය නමුදු, මම පසුතැවිලි වීමි. වැටහීම ලද පසු, මම පපුවට ගසා ගතිමි. මගේ යොවුන් වියේ අවමානය මා දැරූ බැවින් මම ලජ්ජාවටත්, නින්දාවටත් පත් වීමි.’ එප්‍රායිම් මට ප්‍රසන්න වූ දරුවා නො වේ ද? මගේ ප්‍රේමණීය පුත්‍රයා නො වේ ද? මා බොහෝ විට ඔහුට එරෙහිව කතා කළා වුව ද තවමත් මට ඔහු මතක ය. එබැවින් මගේ හද ඔහු කෙරේ ඇදී යයි. සැබවින් ම ඔහුට මම දයා කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබ උදෙසා මාර්ග සලකුණු පිහිටුවා, මාර්ගෝපකරණ කණු සිටුවා ගන්න. ඔබ ගමන් ගත් මාර්ගය වන මහ මාවත ගැන සිහි තබා ගන්න. ආපසු එන්න, එම්බා ඉශ්‍රායෙල් කන්‍යාවිය, ඔබේ ම පුරවරවලට හැරී එන්න. එම්බා අවිශ්වාසවන්ත දියණිය, තව කොපමණ කල් ඔබ දෙගිඩියාවෙන් සිටිනවා ද? මන්ද ස්වාමින්වහන්සේ පොළොව මත අලුත් දෙයක් මවා තිබේ. ස්ත්‍රියක් පුරුෂයකු වටකර ගන්නී ය.” ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මා විසින් ඔවුන්ගේ භාග්‍යය යළි පිහිටු වන කල, නැවත වරක් යූදා දේශයේත්, එහි පුර නගරවලත් ජනයා මෙම වචන උපයෝගී කර ගනු ඇත: ‘එම්බා, ධර්මිෂ්ඨ වාසස්ථානය, එම්බා ශුද්ධ කන්ද, ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!’ යනුවෙනි. යූදා හා එහි සියලු පුර-නගරවල ජනයා, ගොවීන් ද තම එළු බැටළු රංචු කැටිව, ඔබ මොබ යන්නන් ද සමඟ එක් ව, වාසය කරති. වෙහෙසට පත් වූ, ජීවයන් මම යළි ප්‍රබෝධවත් කරන්නෙමි. මැලවුණු හැම ජීවයක් ම යළි ප්‍රාණවත් කරමි.” එවිට මම අවදිව, අවට බලන්නට වීමි. මගේ නින්ද මට බෙහෙවින් ප්‍රසන්න ව තිබිණ. “මෙන්න, මිනිස් බීජයෙන් හා සතා සීපා බීජයෙන් මා විසින් ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය වපුරන දවස් පැමිණෙන්නේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “උදුරා දමන්නට ද ඉරා දමන්නට ද බිඳ හෙළන්නට ද විනාශ කරන්නට හා විපත්ති පමුණු වන්නට ද ඔවුන් දෙස පරීක්ෂාවෙන් බලා සිටියා සේ, ගොඩ නගන්නට ද සිටුවන්නට ද මම පරීක්ෂාවෙන් ඔවුන් දෙස බලා සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘පියවරු ඇඹුල් මිදි පල කෑහ; දරුවන්ගේ දත් හිරිවැටී ඇතැ’ යි එදවස්හි ජනයා තවත් කියනු නැත. ඒ වෙනුවට හැම කෙනකු ම තම තමාගේ පාප නිසා මියෙනු ඇත. ඇඹුල් මිදි පල කන්නේ කවරෙක් ද, ඔහුගේ දත් හිරිවැටෙනු ඇත. “මෙන්න! ඉශ්‍රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම වගේ නො වේ. මා ඔවුනට සැමියකු වුව ද, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙය වේ” යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මම මගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා, ඔවුන්ගේ හදවත්හි එය ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්, ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත. තම සහෝදරයාට පවසන්නේවත් නැත. මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා ඔවුන් සියල්ලෝ ම මා හඳුනති. මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. දහවල එළිය කරන්නට හිරු සපයා දෙන, රැයෙහි එළිය දීමට සඳුටත්, තරුවලටත් නියෝග කරන, රළ රැළි ඝෝෂා කරවීමට මුහුද කලඹවන, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. “මෙම ස්ථාපිත නියෝග මා හමුවෙන් පහව ගියහොත් මිස, ඉශ්‍රායෙල් ප්‍රජාව මා අබියස ජාතියක් ව පැවතීම, කිසි කලෙක නවතින්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉහළ අහස් කුස මනින්නට හැකි නම් හා පහළ පොළෝ ගැබ අත්තිවාරම් සොයන්නට හැකි නම් පමණක් මම ඉශ්‍රායෙල් ප්‍රජාව පිටු දකින්නෙමි, ඔවුන් විසින් කර ඇති සියලු දෑ නිසා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මෙන්න, හනනේල් කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමින්වහන්සේ උදෙසා පුරවරය යළි ගොඩ නගන දවස් පැමිණේ යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මිනුම් කෝදුව එතැන් සිට ගාරේබ් හෙල තෙක් ඉදිරියට ඇදී ගොස්, එතැනින් ගොවා දක්වා හැරී යයි. මළ කඳන් හා අළු ඉවත දමනු ලබන මුළු මිටියාවත ද අශ්ව දොරටු කොන තෙක් නැගෙනහිරින් කිද්‍රොන් නිම්නය දක්වා විහිදුණු කෙත්වත් ද ස්වාමින්වහන්සේට ශුද්ධ වනු ඇත. යළි කිසි කලෙක මෙම පුරවරය උදුරා දමනු ලබන්නේවත්, හෙළා දමනු ලබන්නේවත් නැත.”

ජෙරෙමියා 31:1-40 Sinhala Revised Old Version (SROV)

ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය. ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක. එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය. නැවත නුඹ සමාරියේ කඳුවල මිදිවැල් හිටවනවා ඇත. වවන්නෝ ඒවා හිටවා එහි ඵල භුක්ති විඳින්නෝය. මක්නිසාද නැගිටින්න, සියොන්ට, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නැගීයමුයයි එප්‍රායිම් කඳුවල රැකවලුන් මොරගසන දවසක් පැමිණෙන්නේය. එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න. බලව, මම උතුරු දේශයෙන් ඔවුන් ගෙනෙන්නෙමි, ඔවුන් පොළොවේ ඉතා දුරු තැන්වලින් අන්ධයන්ද කොරුන්ද ගර්භීණීන්ද බිහිකරන වේදනා ඇත්තියන්ද ඇතුළුව රැස්කරගන්නෙමි. ඔවුන් මහත් සමූහයක්ව මෙහි හැරීඑනවා ඇත. ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත, එලෙස ඔවුන් ගෙනෙන්නෙමි. වතුර ඔයවල් ළඟටද නොපැකිලෙන්නාවූ ඇද නැති මාර්ගයකද ඔවුන් ගෙනයන්නෙමි. මක්නිසාද මම ඉශ්‍රායෙල්ට පියකෙනෙක් වී සිටිමි, එප්‍රායිම්ද මාගේ කුලුඳුලාය. ‍‍‍ එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් ගළවා, ඔහුට වඩා බලවත්ව සිටි අයගේ අතින් ඔහු මිදූසේක. ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය. එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි. පූජකයන්ගේ ආත්ම තරකමෙන් පූර්ණ කරන්නෙමි, මාගේ සෙනඟද මාගේ යහපත්කමින් තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.‍‍‍ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ හඬ ඇඬීමෙන්ද නුඹේ ඇස් කඳුළුවලින්ද වලක්වාගන්න. මක්නිසාද නුඹේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරීඑනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ; නුඹේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරීඑන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. සැබවින්ම මම හැරුණායින් පසු මම පශ්චාත්තාපවීමි; දැනමුතුවුණායින් පසු මම කළවයට ගසාගතිමි. මම මාගේ යෞවන කාලයේ නින්දාව දරාගන ආ බැවින් ලජ්ජාවට පැමුණුණෙමි. එසේය, වියවුල්වීමියි එප්‍රායිම් විලාපකියනවා ඇසීමි. එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹට මං සලකුණු හිටවා, නුඹට මගපෙන්වන කණු සාදාගෙන, මහමාවත වන, නුඹ ගිය මාර්ගය දෙස නුඹේ සිත යොමුකරන්න. ඉශ්‍රායෙල් කන්‍යාව, හැරීඑන්න, නුඹේ මේ නුවරවලට හැරීඑන්න. අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්–එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, නුඹට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත. එතැන්හි යූදා සහ එහි සියලු නුවරවල මනුෂ්‍යයෝද ගොවියෝද සිවුපා රැළ කැටුව යන්නෝද එක්ව වාසයකරන්නෝය. මක්නිසාද මම විඩාවූ ආත්මය ප්‍රාණවත්කෙළෙමි, ශෝකවෙන සියලු ආත්මද සෑහීමට පැමිණවීමි. එවිට මම පිබිද බැලුවෙමි; මාගේ නින්ද මට මිහිරිව තිබුණේය. බලව, මම ඉශ්‍රායෙල් වංශයද යූදා වංශයද නැමති කෙත්වල මනුෂ්‍ය බීජ සහ මෘග බීජද වපුරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. පියවරුන් ඇඹුල් මිදිඵල කෑවෝය, දරුවන්ගේ දත් හිරිවැටී තිබේයයි ඒ දවස්වලදී තවත් කියනු නොලැබේ. නුමුත් එකිනෙකා තම තමාගේම අයුතුකම නිසා නසින්නේය. යමෙක් ඇඹුල් මිදිඵල කන්නේද ඔහුගේම දත් හිරිවැටෙන්නේය. බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය. ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. ඒ නියෝග මා ඉදිරියෙන් පහවුණොත් ඉශ්‍රායෙල් වංශයත් කවදාවත් මා ඉදිරියෙහි ජාතියක්ව නොසිටින ලෙස පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. බලව, හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමීන්වහන්සේ උදෙසා නුවර ගොඩනගනු ලබන දවස් පැමිණෙන්නේය. මනින ලනුව තවත් දුරට ගාරෙබ් හෙල දක්වා කෙළින් ඉස්සරහට ඇදී ගොවාය දක්වා වටේට පැමිණෙයි. මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරෙමියා 31:1-40 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය. කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට, ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි. එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය. නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය. මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න. බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත. ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය. එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න. ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි. ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය. එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි. පූජකයන්ගේ සිත ද හද ද පිරියෙන් පුරවන්නෙමි. සමිඳුන්ගේ යහපත්කමින් සෙනඟ තෘප්තියට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය. නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය. නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් ඇත. නුඹේ දරුවන් සිය මවුබිමට ආපසු එනු ඇත. ඉශ්රායෙල් සෙනඟගේ කන්නලව්ව මම ඇසීමි; ‘සමිඳුනි, අපි කුළෑටි ගොන්වස්සෙකු මෙන් සිටියෙමු. ඔබ අපට දඬුවම් කළ සේක; එයින් අපි හැඩගැසුණෙමු. ඔබ අපට ඉගැන්වූ සේක. අප හැරී එන පිණිස ආපසු අප ගෙනෙනු මැනව. ඔබ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය. අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’ ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න. එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න. නුඹලාගේ නගරවලට හැරී එන්න. අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහු ද? සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත. කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නී ය.” ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත. ජුදාවේ ද එහි සියලු නගරවල ද සෙනඟ ජීවත් වන්නෝ ය. එහි ගොවියෝ ද ගව රැළ කැටුව යන්නෝ ද එක් ව වාසය කරන්නෝ ය. එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි. එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය. “ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය. එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී ඔවුන් සමඟ මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. ‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක. ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය. එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි. මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”

ජෙරෙමියා 31:1-40 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය. කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට, ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි. එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය. නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය. මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න. බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත. ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය. එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න. ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි. ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය. එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි. පූජකයන්ගේ සිත ද හද ද පිරියෙන් පුරවන්නෙමි. සමිඳුන්ගේ යහපත්කමින් සෙනඟ තෘප්තියට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය. නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය. නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් ඇත. නුඹේ දරුවන් සිය මවුබිමට ආපසු එනු ඇත. ඉශ්රායෙල් සෙනඟගේ කන්නලව්ව මම ඇසීමි; ‘සමිඳුනි, අපි කුළෑටි ගොන්වස්සෙකු මෙන් සිටියෙමු. ඔබ අපට දඬුවම් කළ සේක; එයින් අපි හැඩගැසුණෙමු. ඔබ අපට ඉගැන්වූ සේක. අප හැරී එන පිණිස ආපසු අප ගෙනෙනු මැනව. ඔබ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය. අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’ ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න. එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න. නුඹලාගේ නගරවලට හැරී එන්න. අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහු ද? සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත. කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නී ය.” ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත. ජුදාවේ ද එහි සියලු නගරවල ද සෙනඟ ජීවත් වන්නෝ ය. එහි ගොවියෝ ද ගව රැළ කැටුව යන්නෝ ද එක් ව වාසය කරන්නෝ ය. එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි. එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය. “ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය. එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී මා ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ව සිටිය දී මා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපනත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. ‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක. ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය. එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි. මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”

ජෙරෙමියා 31:1-40 New International Version (NIV)

“At that time,” declares the LORD, “I will be the God of all the families of Israel, and they will be my people.” This is what the LORD says: “The people who survive the sword will find favor in the wilderness; I will come to give rest to Israel.” The LORD appeared to us in the past, saying: “I have loved you with an everlasting love; I have drawn you with unfailing kindness. I will build you up again, and you, Virgin Israel, will be rebuilt. Again you will take up your timbrels and go out to dance with the joyful. Again you will plant vineyards on the hills of Samaria; the farmers will plant them and enjoy their fruit. There will be a day when watchmen cry out on the hills of Ephraim, ‘Come, let us go up to Zion, to the LORD our God.’ ” This is what the LORD says: “Sing with joy for Jacob; shout for the foremost of the nations. Make your praises heard, and say, ‘LORD, save your people, the remnant of Israel.’ See, I will bring them from the land of the north and gather them from the ends of the earth. Among them will be the blind and the lame, expectant mothers and women in labor; a great throng will return. They will come with weeping; they will pray as I bring them back. I will lead them beside streams of water on a level path where they will not stumble, because I am Israel’s father, and Ephraim is my firstborn son. “Hear the word of the LORD, you nations; proclaim it in distant coastlands: ‘He who scattered Israel will gather them and will watch over his flock like a shepherd.’ For the LORD will deliver Jacob and redeem them from the hand of those stronger than they. They will come and shout for joy on the heights of Zion; they will rejoice in the bounty of the LORD— the grain, the new wine and the olive oil, the young of the flocks and herds. They will be like a well-watered garden, and they will sorrow no more. Then young women will dance and be glad, young men and old as well. I will turn their mourning into gladness; I will give them comfort and joy instead of sorrow. I will satisfy the priests with abundance, and my people will be filled with my bounty,” declares the LORD. This is what the LORD says: “A voice is heard in Ramah, mourning and great weeping, Rachel weeping for her children and refusing to be comforted, because they are no more.” This is what the LORD says: “Restrain your voice from weeping and your eyes from tears, for your work will be rewarded,” declares the LORD. “They will return from the land of the enemy. So there is hope for your descendants,” declares the LORD. “Your children will return to their own land. “I have surely heard Ephraim’s moaning: ‘You disciplined me like an unruly calf, and I have been disciplined. Restore me, and I will return, because you are the LORD my God. After I strayed, I repented; after I came to understand, I beat my breast. I was ashamed and humiliated because I bore the disgrace of my youth.’ Is not Ephraim my dear son, the child in whom I delight? Though I often speak against him, I still remember him. Therefore my heart yearns for him; I have great compassion for him,” declares the LORD. “Set up road signs; put up guideposts. Take note of the highway, the road that you take. Return, Virgin Israel, return to your towns. How long will you wander, unfaithful Daughter Israel? The LORD will create a new thing on earth— the woman will return to the man.” This is what the LORD Almighty, the God of Israel, says: “When I bring them back from captivity, the people in the land of Judah and in its towns will once again use these words: ‘The LORD bless you, you prosperous city, you sacred mountain.’ People will live together in Judah and all its towns—farmers and those who move about with their flocks. I will refresh the weary and satisfy the faint.” At this I awoke and looked around. My sleep had been pleasant to me. “The days are coming,” declares the LORD, “when I will plant the kingdoms of Israel and Judah with the offspring of people and of animals. Just as I watched over them to uproot and tear down, and to overthrow, destroy and bring disaster, so I will watch over them to build and to plant,” declares the LORD. “In those days people will no longer say, ‘The parents have eaten sour grapes, and the children’s teeth are set on edge.’ Instead, everyone will die for their own sin; whoever eats sour grapes—their own teeth will be set on edge. “The days are coming,” declares the LORD, “when I will make a new covenant with the people of Israel and with the people of Judah. It will not be like the covenant I made with their ancestors when I took them by the hand to lead them out of Egypt, because they broke my covenant, though I was a husband to them,” declares the LORD. “This is the covenant I will make with the people of Israel after that time,” declares the LORD. “I will put my law in their minds and write it on their hearts. I will be their God, and they will be my people. No longer will they teach their neighbor, or say to one another, ‘Know the LORD,’ because they will all know me, from the least of them to the greatest,” declares the LORD. “For I will forgive their wickedness and will remember their sins no more.” This is what the LORD says, he who appoints the sun to shine by day, who decrees the moon and stars to shine by night, who stirs up the sea so that its waves roar— the LORD Almighty is his name: “Only if these decrees vanish from my sight,” declares the LORD, “will Israel ever cease being a nation before me.” This is what the LORD says: “Only if the heavens above can be measured and the foundations of the earth below be searched out will I reject all the descendants of Israel because of all they have done,” declares the LORD. “The days are coming,” declares the LORD, “when this city will be rebuilt for me from the Tower of Hananel to the Corner Gate. The measuring line will stretch from there straight to the hill of Gareb and then turn to Goah. The whole valley where dead bodies and ashes are thrown, and all the terraces out to the Kidron Valley on the east as far as the corner of the Horse Gate, will be holy to the LORD. The city will never again be uprooted or demolished.”