ජෙරෙමියා 30:8-9
ජෙරෙමියා 30:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘ඒ දවසේ මම ඔවුන්ගේ ගෙලේ වියගහ බිඳිමි. ඔවුන්ගේ බැඳුම් ඉරා දමමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ‘කිසි විදෙස්සෙක් තවදුරටත් වහල්කමට ඔවුන් යොදාගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්, තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටත්, මා විසින් ඔවුනට නැගිටුවා දෙන ඔවුන්ගේ රජු වූ දාවිත්ටත් මෙහෙ කරනු ඇත.
ජෙරෙමියා 30:8-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඒ දවසේදී ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත්කර නොගන්නෝය. ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ත් මා විසින් ඔවුන්ට නැගුටුවාදෙන තමුන්ගේ රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.
ජෙරෙමියා 30:8-9 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දෙවි ස්වාමීන් වන මට ද ඔවුන්ගේ රජු වශයෙන් මා ඔවුන්ට දෙන දාවිත්ට ද සේවය කරනු ඇත.
ජෙරෙමියා 30:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දෙවි ස්වාමීන් වන මට ද ඔවුන්ගේ රජු වශයෙන් මා ඔවුන්ට දෙන දාවිත්ට ද සේවය කරනු ඇත.
ජෙරෙමියා 30:8-9 New International Version (NIV)
“ ‘In that day,’ declares the LORD Almighty, ‘I will break the yoke off their necks and will tear off their bonds; no longer will foreigners enslave them. Instead, they will serve the LORD their God and David their king, whom I will raise up for them.