ජෙරෙමියා 29:13-14
ජෙරෙමියා 29:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මා සොයනු ඇත; ඔබගේ මුළු හදින් ම ඔබ මා සොයන කල, ඔබට මා හමු වනු ඇත. ඔබ විසින් මා සොයා ගනු ලබනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මා විසින් පලවා හරින ලද සියලු ජාතීන් වෙතින් හා සියලු ස්ථාන වෙතින් මම ඔබ එක් රැස් කරන්නෙමි. පිටුවහල් කොට මා විසින් ඔබ යවනු ලැබුවේ කොතැනක සිට ද එතැනට ම මම ඔබ ආපසු ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ජෙරෙමියා 29:13-14 Sinhala Revised Old Version (SROV)
නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත. මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 29:13-14 Sinhala New Revised Version (NRSV)
නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත. සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
ජෙරෙමියා 29:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත. සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
ජෙරෙමියා 29:13-14 New International Version (NIV)
You will seek me and find me when you seek me with all your heart. I will be found by you,” declares the LORD, “and will bring you back from captivity. I will gather you from all the nations and places where I have banished you,” declares the LORD, “and will bring you back to the place from which I carried you into exile.”
