ජෙරෙමියා 22:8-9
ජෙරෙමියා 22:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නොයෙකුත් ජාතීන් මේ නගරය පසු කර යන අතර, ‘මේ ශ්‍රේෂ්ඨ පුරවරයට ස්වාමින්වහන්සේ මෙවැන්නක් කළේ මන්දැ?’ යි හැම මිනිසකු ම එකිනෙකාගෙන් විමසනු ඇත. එවිට ඔවුන් පිළිතුරු දෙනු ඇත්තේ, ‘ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම ප්‍රතික්ෂේප කර, වෙනත් දෙවිවරුනට නමස්කාර කළ නිසාත්, ඔවුන්ට සේවය කළ නිසාත් ය.’ ”
ජෙරෙමියා 22:8-9 Sinhala Revised Old Version (SROV)
බොහෝ ජාතීහුද මේ නුවර ළඟින් යමින්: ස්වාමීන්වහන්සේ මේ මහත් නුවරට මෙසේ කළේ මක්නිසාදැයි එකිනෙකාගෙන් අසනවා ඇත. එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
ජෙරෙමියා 22:8-9 Sinhala New Revised Version (NRSV)
“බොහෝ විජාතීන් මේ නගරය ළඟින් යමින්, ස්වාමීන් වන මා මේ උදාර නගරයට මෙසේ කෙළේ මන්දැ යි එකිනෙකාගෙන් අසනු ඇත. එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”
ජෙරෙමියා 22:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
“බොහෝ විජාතීන් මේ නගරය ළඟින් යමින්, ස්වාමීන් වන මා මේ උදාර නගරයට මෙසේ කෙළේ මන්දැ යි එකිනෙකාගෙන් අසනු ඇත. එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”
ජෙරෙමියා 22:8-9 New International Version (NIV)
“People from many nations will pass by this city and will ask one another, ‘Why has the LORD done such a thing to this great city?’ And the answer will be: ‘Because they have forsaken the covenant of the LORD their God and have worshiped and served other gods.’ ”