ජෙරෙමියා 20:7-18
ජෙරෙමියා 20:7-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා මුළා කළ සේක. මම මුළා කරනු ලැබීමි. ඔබ, මා අභිබවා ජය ගත් සේක. දවස පුරා මම සමච්චලයට ලක් ව සිටිමි; සැවොම මට කවටකම් කරති. කතා කරන හැම විටෙක ම මා කරන්නේ, සැහැසිකමත්, විනාශයත් ප්‍රකාශ කරමින්, මොර ගැසීමයි. එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය, දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ. “මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි; උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත් උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්– මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි. එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි; මට එය කරන්නට බැරි ය. බොහෝ දෙනකු මෙසේ කොඳුරනු මට ඇසේ, “හැම පැත්තේ ම භීතිය ය! පැමිණිලි කරමු ඔහු ගැන. අපි ඔහු ගැන පැමිණිලි කරමු.” මගේ මිතුරන් සැවොම මගේ ඇද වැටීම බලා හිඳිමින්, “ඇතැම් විට ඔහු රැවටෙනු ඇත; එවිට අපි ඔහු පරදා ජය ගෙන, ඔහුගෙන් පළිය ගනිමු” යි කියති. එහෙත් බිහිසුණු රණවිරුවකු සේ, ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක. එබැවින් මට පීඩාකරන්නෝ පැකිළෙන්නෝ ය; ඔවුන් ජය ලබන්නේ නැත. ඔවුන් අසමත් වනු ඇත. සදාතන නින්දාවට පැමිණෙනු ඇත. ඔවුන්ගේ අවනම්බුව කිසි දිනෙක අමතක ව නො යේ. අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ධර්මිෂ්ඨයින් පරීක්ෂා කරන, හදත්, මනසත් සෝදිසි කරන ඔබවහන්සේ ඔවුන්ගෙන් පළිගනු මට දක්නට ලැබේවා. මන්ද මගේ ප්‍රශ්නය මම ඔබට බාර කර ඇත්තෙමි. ස්වාමින්වහන්සේට ගී ගයන්න! ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න! දුෂ්ටයින්ගේ අතින් උන්වහන්සේ දුප්පතුන්ගේ ජීවිත මුදන සේක. මා උපන් දවසට ශාප වේවා! මගේ මව මා බිහි කළ දවසට සෙත් නො වේවා! මගේ පියා මහත් ප්‍රමෝදයට පත් කරමින්, “ඔබට පුතකු උපන්නේ ය” යන පුවත සැල කළ මිනිසාට ශාප වේවා! ඒ මිනිසා, ස්වාමින්වහන්සේ විසින් අනුකම්පාවෙන් තොර ව බිඳ හෙළූ නගර මෙන් වේවා! උදෑසන විලාප හඬ ද මද්දහනේදී යුද්ධ ඝෝෂාව ද ඔහුට ඇසේවා. මන්ද මගේ මවගේ කුසය මගේ සොහොන වන පරිදි, සදාතනික ව ඇය ගැබ්බර ව සිටින පරිදි, මවු කුස තුළදී මා නො මරන ලද නිසා ය. කරදර දුක් දකින පිණිස මගේ දවස් නින්දාවෙන් කෙළවර කරන පිණිස, මා කුමට මවු කුසෙන් බිහිවුණා ද?
ජෙරෙමියා 20:7-18 Sinhala Revised Old Version (SROV)
අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹූවූසේක, මම පෙළඹුනෙමි. ඔබ මට වඩා බලවත්ව ජයගත්සේක. මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති. මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය. උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය. මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති. නුමුත් ස්වාමීන්වහන්සේ භයානකවූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔව්හු නුවණින් ක්‍රියා නොකළ නිසා බොහෝසෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය, එය කවදාවත් සිහිනැති නොවන සදාකාල අවනම්බුවක් වන්නේය. ධර්මිෂ්ඨයා සෝදිසිකරන්නාවූ, අදහස්ද සිතද දකින්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි. ස්වාමීන්වහන්සේට ගී කියන්න, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න. මක්නිසාද උන්වහන්සේ දිළින්දාගේ ප්‍රාණය නපුරකරන්නන්ගේ අතින් නිදහස් කළසේක. මා උපන් දවසට ශාපවේවා. මාගේ මවු මා බිහිකළ දවසට ආශීර්වාද නොවේවා. නුඹට පිරිමි දරුවෙක් උපන්නේය කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත්කළ මනුෂ්‍යයාට ශාපවේවා. මාගේ මවු මාගේ මිනීවළ වෙන ලෙසත්, ඇගේ කුසය හැමදාම මහත්ව තිබෙන ලෙසත්, මා කුසේ සිටිද්දී මා නොමැරූ බැවින්, ඒ මනුෂ්‍යයා වනාහි ස්වාමීන්වහන්සේ කරුණා නොකර නාස්තිකළ නුවරවල් මෙන් වේවා. උදයේ කෑගැසීමක්ද ඉර මුදුන් වේලාවේ ඝෝෂාකිරීමක්ද ඔහුට ඇසේවා. දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?
ජෙරෙමියා 20:7-18 Sinhala New Revised Version (NRSV)
අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති. මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ. ‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය. කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති. එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය. සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න; එතුමාණන් පසසන්න. මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. මා උපන් දවසට සාප වේ වා! මාගේ මවු මා වැදූ දවසට ද ආසිරි නො වේ වා! “ඔබට පිරිමි දරුවෙක් උපන්නේ ය” කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත් කළ මිනිසාට සාප වේ වා! ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා! උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා! එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි. දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?
ජෙරෙමියා 20:7-18 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරෙමියා 20:7-18 New International Version (NIV)
You deceived me, LORD, and I was deceived; you overpowered me and prevailed. I am ridiculed all day long; everyone mocks me. Whenever I speak, I cry out proclaiming violence and destruction. So the word of the LORD has brought me insult and reproach all day long. But if I say, “I will not mention his word or speak anymore in his name,” his word is in my heart like a fire, a fire shut up in my bones. I am weary of holding it in; indeed, I cannot. I hear many whispering, “Terror on every side! Denounce him! Let’s denounce him!” All my friends are waiting for me to slip, saying, “Perhaps he will be deceived; then we will prevail over him and take our revenge on him.” But the LORD is with me like a mighty warrior; so my persecutors will stumble and not prevail. They will fail and be thoroughly disgraced; their dishonor will never be forgotten. LORD Almighty, you who examine the righteous and probe the heart and mind, let me see your vengeance on them, for to you I have committed my cause. Sing to the LORD! Give praise to the LORD! He rescues the life of the needy from the hands of the wicked. Cursed be the day I was born! May the day my mother bore me not be blessed! Cursed be the man who brought my father the news, who made him very glad, saying, “A child is born to you—a son!” May that man be like the towns the LORD overthrew without pity. May he hear wailing in the morning, a battle cry at noon. For he did not kill me in the womb, with my mother as my grave, her womb enlarged forever. Why did I ever come out of the womb to see trouble and sorrow and to end my days in shame?