ජෙරෙමියා 2:20-22 - Compare All Versions

ජෙරෙමියා 2:20-22 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය. එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද? නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
ජෙරෙමියා 2 SROV

ජෙරෙමියා 2:20-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“බොහෝ ඉහතදී නුඹ, නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි ඉරා දමා, ‘මම ඔබට සේවය නො කරමි’ යි කීවේ ය. ඇත්තෙන් ම නුඹ හැම උස් කන්දක් මත ද අතු පතර ඇති හැම ගහක් යට ද වෙසඟනක සේ වැතිරුණේ ය. මුළුමනින් විශ්වසනීය පැළ තවානෙන් අනගි මිදි වැලක් වශයෙන් මම නුඹ පැළ කළෙමි. එසේ නම් නුඹ මා ඉදිරියේ පිරිහුණු, වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද? අපුල්ලන දියරින් හා බෙහෙවින් සබන් යොදා, ඔබ හොඳහැටි සෝදා ගත්තත් ඔබේ අපරාධයෙහි ලප-පැල්ලම් තවමත් මා ඉදිරියෙහි යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

බෙදාගන්න
ජෙරෙමියා 2 SCV

ජෙරෙමියා 2:20-22 NRSV (Sinhala New Revised Version)

සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය. මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද? නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.

බෙදාගන්න
ජෙරෙමියා 2 NRSV

ජෙරෙමියා 2:20-22 SNRV (Sinhala New Revised Version 2018)

සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය. මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද? නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.

බෙදාගන්න
ජෙරෙමියා 2 SNRV

ජෙරෙමියා 2:20-22 NIV (New International Version)

“Long ago you broke off your yoke and tore off your bonds; you said, ‘I will not serve you!’ Indeed, on every high hill and under every spreading tree you lay down as a prostitute. I had planted you like a choice vine of sound and reliable stock. How then did you turn against me into a corrupt, wild vine? Although you wash yourself with soap and use an abundance of cleansing powder, the stain of your guilt is still before me,” declares the Sovereign LORD.

බෙදාගන්න
ජෙරෙමියා 2 NIV