ජෙරෙමියා 13:15-16
ජෙරෙමියා 13:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහන්න; සවන් දෙන්න; උඩඟු නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක. උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව, ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න. ඔබ ආලෝකය බලා සිටින අතරේ, උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද දැඩි අඳුරකට ද හරවන සේක.
ජෙරෙමියා 13:15-16 Sinhala Revised Old Version (SROV)
නුඹලා උඩඟු නොවී අසා කන්යොමුකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකළසේක. උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
ජෙරෙමියා 13:15-16 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක. අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න. ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.
ජෙරෙමියා 13:15-16 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක. අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න. ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.
ජෙරෙමියා 13:15-16 New International Version (NIV)
Hear and pay attention, do not be arrogant, for the LORD has spoken. Give glory to the LORD your God before he brings the darkness, before your feet stumble on the darkening hills. You hope for light, but he will turn it to utter darkness and change it to deep gloom.