ජෙරෙමියා 1:5-19

ජෙරෙමියා 1:5-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි; ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි. ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.” එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය. “බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි. එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණියේ, “ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි අසමින් ය. “උතුරු පැත්තේ සිට ඇලවී තිබෙන උතුරන හැළියක් මට පෙනේ” යි මම පිළිතුරු දුනිමි. ස්වාමින්වහන්සේ එවිට මා අමතමින්, “දේශයේ වෙසෙන සියල්ලන් මත උතුරු දෙසින් විපත්තිය උතුරා හැලෙනු ඇත. මන්ද යත් ඔන්න! උතුරු රාජ්‍යයන්හි සියලු ජනයින් මම දැන් කැඳවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔවුහු අවුත්, හැම කෙනෙක් ම යෙරුසලමේ දොරටු අබියස තම සිහසුන පිහිටුවා ගනිති. ඒ වටා වූ මුළු පවුරුවලට එරෙහිව ද යූදාහි සියලු නගරවලට එරෙහිව ද ඔවුහු පැමිණෙති. මා අත්හැර දමමින් කළ ඔවුන්ගේ සියලු දුෂ්ටකම්වලට එරෙහිව මම මගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි. ඔවුහු අන් දෙවිවරුන්ට පූජා ඔප්පු කළහ. තමන්ගේ ම අත්වලින් සෑදූ දෑට නමස්කාර කළහ. “එහෙත් ඔබ, ඉඟ පටිය බැඳ, ලැහැස්ති වන්න. නැගිටින්න. මා ඔබට අණ කරන සියල්ල ඔවුන්ට පවසන්න. ඔබ භය ගන්වන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. නැතහොත් මම ඔවුන් ඉදිරිපිට ඔබ භය ගන්වන්නෙමි. තවද මම, මෙන්න අද දවසේ මම මුළු දේශයට එරෙහිව, යූදාහි රජවරුන්ට එරෙහිව, එහි අධිපතීන්ට, එහි පූජකයන්ට හා දේශවාසීන්ට එරෙහිව බළකොටු පුරවරයක් ද යකඩ කුලුනක් ද ලෝකඩ පවුරක් ද කොට ඔබ පත් කරමි. ඔබට එරෙහිව ඔවුන් සටන් වදිනු ඇත. එහෙත් ඔවුන්, ඔබ පරදවන්නේ නැත. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

ජෙරෙමියා 1:5-19 Sinhala Revised Old Version (SROV)

මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය. එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි. නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න. ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි. බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: යෙරෙමියා නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: කොට්ටම්බා අත්තක් මට පෙනේයයි කීමි. එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක. ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනිවර මා වෙතට පැමිණ: නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: උතුරන හැළියක් මට පෙනෙයි; එහි කට උතුරු දෙසින් අහකට හැරී තිබේයයි කීමි. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: දේශයේ සියලු වැසියන් පිටට උතුරෙන් විපත්තිය නික්ම එන්නේය. මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය. ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකර, තමුන්ගේ අත්වල වැඩට නමස්කාරකළ බැවින්, ඔවුන්ගේ සියලු නපුරුකම් ගැන මම ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි. ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න. මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද නුඹ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි. ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.

ජෙරෙමියා 1:5-19 Sinhala New Revised Version (NRSV)

“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.” එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න. ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි. උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.” එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි. සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දුටු දේ හරි ය. මන්ද, මාගේ වචනය ඉටු කරන පිණිස මම කලින් බලා සිටිමි”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙ වන වරටත් මට කතා කොට, “නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “උතුරු දෙසින් මේ දෙසට කට හැරී ඇති උතුරන හැළියක් මට පෙනේ”යයි මම පිළිතුරු දිනිමි. එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය. මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය. ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි. ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න. මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුළුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි. නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

ජෙරෙමියා 1:5-19 Sinhala New Revised Version 2018 (SNRV)

“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.” එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න. ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි. උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.” එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි. සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දුටු දේ හරි ය. මන්ද, මාගේ වචනය ඉටු කරන පිණිස මම කලින් බලා සිටිමි”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙ වන වරටත් මට කතා කොට, “නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “උතුරු දෙසින් මේ දෙසට කට හැරී ඇති උතුරන හැළියක් මට පෙනේ”යයි මම පිළිතුරු දිනිමි. එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය. මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය. ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි. ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න. මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුලුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි. නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

ජෙරෙමියා 1:5-19 New International Version (NIV)

“Before I formed you in the womb I knew you, before you were born I set you apart; I appointed you as a prophet to the nations.” “Alas, Sovereign LORD,” I said, “I do not know how to speak; I am too young.” But the LORD said to me, “Do not say, ‘I am too young.’ You must go to everyone I send you to and say whatever I command you. Do not be afraid of them, for I am with you and will rescue you,” declares the LORD. Then the LORD reached out his hand and touched my mouth and said to me, “I have put my words in your mouth. See, today I appoint you over nations and kingdoms to uproot and tear down, to destroy and overthrow, to build and to plant.” The word of the LORD came to me: “What do you see, Jeremiah?” “I see the branch of an almond tree,” I replied. The LORD said to me, “You have seen correctly, for I am watching to see that my word is fulfilled.” The word of the LORD came to me again: “What do you see?” “I see a pot that is boiling,” I answered. “It is tilting toward us from the north.” The LORD said to me, “From the north disaster will be poured out on all who live in the land. I am about to summon all the peoples of the northern kingdoms,” declares the LORD. “Their kings will come and set up their thrones in the entrance of the gates of Jerusalem; they will come against all her surrounding walls and against all the towns of Judah. I will pronounce my judgments on my people because of their wickedness in forsaking me, in burning incense to other gods and in worshiping what their hands have made. “Get yourself ready! Stand up and say to them whatever I command you. Do not be terrified by them, or I will terrify you before them. Today I have made you a fortified city, an iron pillar and a bronze wall to stand against the whole land—against the kings of Judah, its officials, its priests and the people of the land. They will fight against you but will not overcome you, for I am with you and will rescue you,” declares the LORD.