විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35
විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු එප්‍රායිම් ජනයා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මිදියන්වරුන්ට එරෙහිව සටනට යද්දී අප කැඳවූයේ නැත්තේ ඇයි?” දැයි අසමින්, ඔහුට සැරෙන් දොස් පැවරූහ. එහෙත් ඔහු, ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ කළ දෑ හා සසඳන විට මා කර ඇත්තේ මොනවා ද? එප්‍රායිම් ඇහිඳ ගත් මිදි පල, අබියෙසෙර්ගේ මුළු මිදි අස්වැන්නටත් වඩා අගෙයි නො වේ ද? දෙවියන්වහන්සේ මිදියන් නායකයින් වන ඔරේබ් හා සෙයේබ් ඔබේ අත්වලට දී ඇත. ඔබ හා සසඳන කල, මට කළ හැකි වූයේ මොනවා දැ?” යි කීවේ ය. ඔහු එසේ කී කල, ඔහුට එරෙහිව තිබූ ඔවුන්ගේ කෝපය සංසිඳිණි. ගිඩියොන් හා ඔහුගේ මිනිසුන් තුන්සිය දෙනා දැඩි වෙහෙසට පත් ව සිටි නමුදු, දිගට ම ලුහුබඳිමින්, යොර්දාන් වෙත අවුත්, එයින් එතෙර වූහ. ඔහු සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා අනුව ආ මිනිසුන්ට කරුණාකර රොටි දෙන්න. ඔවුන් වෙහෙසට පත් වෙලා. මම තවමත් මිදියන් රජුන් වන සෙබා හා සල්මුන්නා ලුහුබැඳ යමින් සිටිමි” යි කීවේ ය. එහෙත් සුක්කොත් නිලධාරීහු උත්තර දෙමින්, “ඔබේ සේනාවට අප විසින් කෑම සපයන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට අසු වෙලා දැ?” යි ඇසූහ. ගිඩියොන් ඊට පිළිතුරු දෙමින්, “හොඳයි එහෙනම්! ස්වාමින්වහන්සේ සෙබාත්, සල්මුන්නාත් මගේ අතට හසුකළ විට, මම වනයේ කටු හා ගොකටුවලින් නුඹලාගේ සිරුරු ඉරා දමන්නෙමි” යි පැවසී ය. ඔහු එතැනින් පිටත් ව, පෙනූවෙල් වෙත ගොස්, ඔවුන්ගෙන් ද එපරිදි ම ඉල්ලී ය. එහෙත්, පෙනූවෙල් වාසීන් ද ඔහුට දුන්නේ සුක්කොත්වාසීන් දුන් උත්තරය ම ය. එබැවින් පෙනූවෙල් වාසීන් ඇමතූ ගිඩියොන්, “මම ජයග්‍රාහී ව ආපසු එන කල, මෙම බළකොටුව බිඳ හෙළන්නෙමි” යි පැවසී ය. මේ අතර සෙබා හා සල්මුන්නා පහළොස් දහසක ඔවුන්ගේ සේනාව ද සමඟ කර්කොර්හි සිටියහ. පෙරදිගවාසී හමුදා වෙත ඉතිරි ව සිටියෝ ඔවුහු ය; අසිපත් දැරූ එකසිය විසිදහසක් වැටී ගොස් සිටියහ. නොබා හා යොග්බොහාට නැගෙනහිරින් කූඩාරම්වාසීන්ගේ මාවත ඔස්සේ ගිය ගිඩියොන්, අපරීක්ෂාකාරී ව සිටි හමුදාවට පහර දුන්නේ ය. සෙබා ද සල්මුන්නා ද පලා ගියහ. එහෙත් ඔවුන් ලුහුබැඳි ඔහු, සෙබා හා සල්මුන්නා යන මිදියන් රජුන් දෙදෙනා අල්ලාගෙන, ඔවුන්ගේ මුළු සේනාව සංත්‍රාසයට පත් කළේ ය. ඉන්පසු යෝවාෂ්ගේ පුත් ගිඩියොන් යුද්ධය අවසානයේ හෙරෙස් නැග්ම ඔස්සේ ආයේ ය. ඔහු සුක්කොත් තරුණයකු අල්ලා, ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය. එවිට ඔහු සුක්කොත් අධිපතීන් හා ප්‍රජා මූලිකයින් හැත්තෑහත් දෙනකුගේ නාම ඔහුට ලියා දුන්නේ ය. ඉන්පසු ගිඩියොන් අවුත්, සුක්කොත් මිනිසුන්ට හඬ ගසමින්, “ ‘වෙහෙස ව සිටින නුඹේ මිනිසුන්ට අප විසින් කෑම දෙන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට හසු වෙලා දැ?’ යි නුඹලා මට ගර්හා කළ මුන් මෙන්නැ” යි කීවේ ය. ඔහු එපුර ප්‍රජා මූලිකයින් අල්ලා, වනයේ කටු හා ගොකටුවලින් ඔවුන්ට දඬුවම් කරමින්, සුක්කොත් ජනයාට පාඩමක් උගැන්වී ය. ඔහු පෙනූවෙල් බළකොටුව ද බිඳ හෙළා, එපුර මිනිසුන් මරා දැමී ය. ඉන්පසු සෙබා හා සල්මුන්නා ඇමතූ ඔහු, “තාබෝර්හි දී නුඹලා මරා දැමුවේ කොයි විදියේ මිනිසුන්දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ වගේ ය. හැම කෙනකු ම පෙනුමෙන් රජ කුමරුන් වැනි යැ” යි කීහ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “ඒ, මගේ සහෝදරයෝ; මගේ මවගේ පුත්තු. නුඹලා ඔවුන්ට ජීවත් වන්නට ඉඩ හැර තිබුණා නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම මාත්, නුඹලා නො මරන්නට තිබුණා” යි කී ය. ඉන්පසු තම කුලුඳුලා වන යෙතෙර් අමතා, “නැගිට, මුන් මරනු!” යි කී ය. එහෙත් තරුණයා තම අසිපත ඇද්දේ නැත. තවමත් තරුණයකු වූ බැවින් ඔහු ඊට භය විය. එවිට සෙබා හා සල්මුන්නා කතා කරමින්, “ඔබ ම නැගිට, අපට පහර දෙන්න. මන්ද, මිනිසා කෙබඳු ද ඔහුගේ ශක්තියත් එබඳු යැ” යි කීහ. එබැවින් ගිඩියොන් නැගිට, ඔවුන් මැරී ය. ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙලෙහි වූ අඩ සඳ අබරණ ද ඔහු ගත්තේ ය. එකල ඉශ්‍රායෙල්වරු ගිඩියොන්ට කතා කොට, “අපගේ පාලකයා වන්න; ඔබත්, ඔබේ පුත්‍රයාත්, ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාත්. මන්ද මිදියන්වරුන් අතින් අප ගැලවූයේ ඔබ යැ” යි කීහ. එහෙත්, ගිඩියොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම නුඹලා පාලනය නො කරමි. මගේ පුතාත් නුඹලා පාලනය නො කරනු ඇත. ස්වාමින්වහන්සේ ම නුඹලා පාලනය කරන සේකැ” යි කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. හැම කෙනකු ම තම තමාගේ කොල්ලයේ පංගුවෙන් අරුංගලය බැගින් මට දෙන්නැ” යි කීවේ ය. (මන්ද සතුරනට රත්රං අරුංගල් තිබිණි. මන්ද ඔවුන් ඉෂ්මායෙල්වරුන් ය.) “කැමැත්තෙන් ම අපි ඒවා දෙන්නෙමු” යි කී ඔවුහු රෙදි කඩක් එලූහ. එවිට එක් එක්කෙනා තම තමාගේ කොල්ලයෙන් අරුංගලය බැගින් එහි දැමූහ. ඔහුගේ ඉල්ලීම පරිදි ලද රන් අරුංගල්වල බර ෂෙකෙල් එක්දහස් හත්සියයකි. ඒ හැර අඩ සඳ අබරණ හා මාල පෙති ද මිදියන් රජුන් හැඳි රාජවර්ණ ඇඳුම් ද ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල බැඳි රන් දම් ද එහි විය. ගිඩියොන් එම රන්වලින් ඒපොද් සැට්ටයක් සාදවා, එය ඔහුගේ නගරය වන ඔෆ්‍රාහි පිහිටුවී ය. එහිදී සියලු ඉශ්‍රායෙල්වරු ඊට නමස්කාර කිරීමේ වේශ්‍යාකමෙහි යෙදුණහ. ගිඩියොන්ට හා ඔහුගේ පවුලට එය මලපතක් බවට පත් විය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ යටත් කරනු ලැබූ මිදියන්වරුන් යළි තම හිස එසවූයේ නැත. ගිඩියොන්ගේ දවස්හි දී දේශය හතළිස් වසරක් සාමය පැවැත්තේ ය. යෝවාෂ්ගේ පුත් යෙරුබ්බාල් වාසය පිණිස තම නිවසට ගියේ ය. ගිඩියොන්ට භාර්යාවන් බොහෝ දෙනකු වූ බැවින් ඔහුට දාව පුත්තු හැත්තෑ දෙනෙක් වූහ. ෂෙකෙම්හි විසූ ඔහුගේ අතිරේක බිරිඳ ද ඔහුට පුතකු බිහි කර දුන්නා ය. ඔහු අබිමෙලෙක් යනුවෙන් ඔහුට නම් තැබී ය. යෝවාෂ්ගේ පුත් ගිඩියොන් හොඳ මහලු වයසේ මියැදුණේ ය. අබියෙස්රීය පෙළපතට අයත් ඔෆ්‍රාහි ඔහුගේ පියාගේ සොහොනේ ඔහු භූමදාන කෙරිණ. ගිඩියොන් මියැදී නොබෝ කලකින් ඉශ්‍රායෙල් ජනයා බාල් දෙවියා නැමදීමේ වේශ්‍යාකමට යළි වැටුණහ. ඔවුහු බාල්-බෙරීත් තම දෙවියා කොට පිහිටුවා ගත්හ. හැම පැත්තෙන් ම වූ ඔවුන්ගේ සියලු සතුරන් අතින් ඔවුන් මිදූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුහු සිහිපත් නො කළහ. තවද, ඉශ්‍රායෙල්ට හැම අයුරින් සෙත සැලසූ ගිඩියොන් හෙවත් යෙරුබ්බාල්ගේ පවුලට කරුණාව පෑමට ද ඔවුහු අපොහොසත් වූහ.
විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35 Sinhala Revised Old Version (SROV)
එප්‍රායිම් මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: නුඹ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට යන කල අපට අඬනොගසා මෙසේ කළේ මක්නිසාදැයි කියා ඔහු සමඟ තද ලෙස විවාදකළෝය. ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද? නුඹලා අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද පාවාදුන්සේක. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය. ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්තව සිටි නුමුත් එළවාගනම ගොස් යොර්දානට පැමිණ එගොඩට ගියෝය. ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන්ට කථාකොට: මා කැටුව යන මිනිසුන් ක්ලාන්තව සිටන බැවින් ඔවුන්ට රොටි දුනමැනවි; මම මිදියන්හි රජවරුන්වූ සෙබාද ශල්මුන්නාද එළවාගෙන යමියි කීවේය. සුක්කොත්හි අධිපතීහු: අප විසින් නුඹේ සේනාවට කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාදැයි කීවෝය. ගිඩියොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ශල්මුන්නාද මා අතට පාවාදුන් විට මම නුඹලාගේ මාංසය වනයේ කටුවලින්ද වේරෑන්වලින්ද ඉරාදමන්නෙමියි කීවේය. ඔහු එතැනින් පෙනුයෙල්ට ගොස් ඔවුන්ටත් එයාකාර කීවේය. එවිට පෙනුයෙල්හි මනුෂ්‍යයෝද සුක්කොත්හි මනුෂ්‍යයන් උත්තරදුන් හැටියට ඔහුට උත්තර දුන්නෝය. ඔහු පෙනුයෙල්හි මනුෂ්‍යයන්ටත් කථාකොට: මම සමාදානයෙන් හැරී ආ කල්හි මේ කොටුව බිඳදමන්නෙමියි කීවේය. සෙබාද ශල්මුන්නාද ඔවුන් සමඟ පූර්ව දිශාවේ වැසියෝ වූ මුළු සේනාවෙන් ඉතුරුවුණ සියල්ලෝ එනම් පහළොස් දහසක් පමණවූ ඔවුන්ගේ සේනාවද කර්කොර්හි සිටියෝය. මක්නිසාද කඩුගන්න මනුෂ්‍යයන් එකසිය විසිදහසක් නැසුණෝය. ගිඩියොන් නොබාටද යොග්බෙහාටද පෙරදිගින් කූඩාරම්වල වසන්නන්ගේ පාරෙන් ගොස් සේනාව පරීක්ෂා රහිතව සිටිද්දී ඔවුන්ට පහරදුන්නේය. සෙබාද ශල්මුන්නාද පලා ගියෝය; ඔහු ඔවුන් පස්සේ එළවාගන ගොස් මිදියන් රජුන් දෙදෙනා වන සෙබාද ශල්මුන්නාද අල්ලාගත්තේය, මුළු සේනාවද භයගන්වා විසුරුවා හැරියේය. එවිට යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් හෙරෙස් නැගුමේ සිට යුද්ධයෙන් හැරී ඇවිත්, සුක්කොත්හි යෞවනයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේය. ඔහු සැත්තෑ සත් දෙනෙක් වන සුක්කොත්හි අධිපතීන්ද වැඩිමහල්ලන්ද ගැන විස්තර ඔහුට ලියා දුන්නේය. ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාද කියා නුඹලා විසින් යමෙකු ගැන මට සරදම්කර කීවාද ඒ සෙබාද ශල්මුන්නාද මෙන්න බලන්නැයි කීය. ඔහු නුවර වැඩිමහල්ලන් අල්ලා වනයේ කටුගස්ද වේරෑන්ද අරන් එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටුකෙළේය. ඔහු පෙනුයෙල්හි කොටුවත් බිඳදමා නුවර මිනිසුන් මැරුවේය. එවිට ඔහු සෙබා හා ශල්මුන්නාට කථාකොට: නුඹලා තාබොර්හිදී මැරූ අය කොයි ආකාර මිනිස්සුදැයි ඇසුවේය. ඔව්හු උත්තරදෙමින්: ඒ අයද නුඹ වාගේය, එකිනෙකා පෙනීමෙන් රාජකුමාරයන්ට සමානයයි කීවෝය. ඔහුද: ඔව්හු මාගේ සහෝදරයෝය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝය. නුඹලා ඔවුන් ඉතුරුකළානම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මමත් නුඹලා නොමරමියි කීය. ඔහු තමාගේ කුලුඳුලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා භයව කඩුව නොඇද සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය. එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය. එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඕනෑය. මක්නිසාද නුඹ මිදියන්වරුන්ගේ අතින් අප ගළවාගත්තෙහියයි කීවෝය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය. ඔව්හු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාභරණ එහි දැමූහ. මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය. ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය. මෙසේ මිදියන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබුවාහු තමුන්ගේ ඉස් තවත් නොඑසෙවුවෝය. දේශයද ගිඩියොන්ගේ දවස්වලදී සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණේය. යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරුබ්බාල් ගොස් තමාගේම ගෙදර වාසයකෙළේය. ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තෑදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය. ෂෙකෙම්හි සිටි ඔහුගේ උපභාර්යාවද ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය, ඔහු ඔහුට අබිමෙලෙක්යයි නම් තැබීය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් බොහෝ ආයු වළඳා මැරී අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තමාගේ පියවූ යෝවාෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කරනු ලැබුවේය. තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාචාරයෙන් හැසිරෙමින් බාල්බෙරීත් තමුන්ට දෙවිකොට තබාගත්තෝය. වටකර සිටි තමුන්ගේ සියලු සතුරන්ගේ අත්වලින් තමුන් ගැළෙවු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් සිහිකළේවත්, යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.
විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35 Sinhala New Revised Version (NRSV)
එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද? ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය. ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය. ගිඩියොන් සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා කැටුව යන මිනිසුන් අධික වෙහෙසට පත් ව සිටින බැවින් ඔවුන්ට රොටි දුන මැනව; මම මිදියන්හි රජවරුන් වන ශෙබා ද ශල්මුන්නා ද ලුහුබැඳ යමි”යි කීවේ ය. සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ. “සමිඳාණන් වහන්සේ ශෙබා ද ශල්මුන්නා ද මා අතට පාවා දුන් විට මම ඔබ හැමගේ මාංසය වනයේ කටුවලින් ද ගොකටුවලින් ද ඉරා දමන්නෙමි”යි ගිඩියොන් ඔවුන්ට කීවේ ය. ගිඩියොන් එතැනින් පෙනුයෙල්ට ගොස් එහි වැසියන්ගෙන් ද එසේ ම ඉල්ලුවේ ය. ඔව්හු ද සුක්කොත්හි වැසියන් උත්තර දුන් ලෙස ම ඔහුට උත්තර දුන්නෝ ය. ඔහු පෙනුයෙල්හි මිනිසුන්ට කතා කොට, “මම ජයාන්විත ව ආපසු ආ විට මේ බලකොටුව බිඳ දමන්නෙමි”යි කී ය. ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය. ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය. ශෙබා ද ශල්මුන්නා ද පලා ගියෝ ය. ඔහු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මිදියන් රජ වන ශෙබා ද ශල්මුන්නා ද අල්ලාගත්තේ ය. ඔහු මුළු සේනාව ද භයගන්වා විසුරුවා හැරියේ ය. ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්, සුක්කොත්හි තරුණයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේ ය. ඔහු සැත්තෑසත්දෙනෙකුන් වන සුක්කොත්හි අධිපතීන් ද ප්‍රජා මූලිකයන් ද ගැන විස්තර ලියා දුන්නේ ය. ගිඩියොන් සුක්කොත්හි වැසියන් ළඟට අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ මට සරදම් කළ අවස්ථාව සිහි කරන්න. ‘වෙහෙස වූ ඔබේ මිනිසුන්ට, අප විසින් කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද ඔබේ අතට අසු ව සිටිත් දැ’යි ඔබ කීවහු ය. ඒ ශෙබා ද ශල්මුන්නා ද මෙන්න, බලන්නැ”යි කී ය. ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය. ඔහු පෙනුයෙල්හි බලකොටුව ද කඩා දමා නගරයේ වැසියන් මැරුවේ ය. එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය. ගිඩියොන් ද, “ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය. ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි. එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය. ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය. ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය. ඔව්හු, “අපි ඒවා කැමැත්තෙන් ම දෙමු”යි පිළිතුරු දී වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා කොල්ලකෑ කුණ්ඩලාභරණ එහි දැමුවෝ ය. මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය. ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය. මෙසේ මිදියන්වරු ඉශ්රායෙල් සෙනඟ විසින් යටත් කරනු ලැබූ හ: ඉන්පසු ඔවුන්ට බලය පාන්නට නොහැකි විය. ගිඩියොන්ගේ පාලන කාලයේ දී දේශයේ සතළිස් අවුරුද්දක් සාමය පැවතුණේ ය. ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය. ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි. ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය. ඔවුන් වට කර සිටි සියලු සතුරන්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔව්හු අමතක කළෝ ය. එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.
විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 8:1-35 New International Version (NIV)
Now the Ephraimites asked Gideon, “Why have you treated us like this? Why didn’t you call us when you went to fight Midian?” And they challenged him vigorously. But he answered them, “What have I accomplished compared to you? Aren’t the gleanings of Ephraim’s grapes better than the full grape harvest of Abiezer? God gave Oreb and Zeeb, the Midianite leaders, into your hands. What was I able to do compared to you?” At this, their resentment against him subsided. Gideon and his three hundred men, exhausted yet keeping up the pursuit, came to the Jordan and crossed it. He said to the men of Sukkoth, “Give my troops some bread; they are worn out, and I am still pursuing Zebah and Zalmunna, the kings of Midian.” But the officials of Sukkoth said, “Do you already have the hands of Zebah and Zalmunna in your possession? Why should we give bread to your troops?” Then Gideon replied, “Just for that, when the LORD has given Zebah and Zalmunna into my hand, I will tear your flesh with desert thorns and briers.” From there he went up to Peniel and made the same request of them, but they answered as the men of Sukkoth had. So he said to the men of Peniel, “When I return in triumph, I will tear down this tower.” Now Zebah and Zalmunna were in Karkor with a force of about fifteen thousand men, all that were left of the armies of the eastern peoples; a hundred and twenty thousand swordsmen had fallen. Gideon went up by the route of the nomads east of Nobah and Jogbehah and attacked the unsuspecting army. Zebah and Zalmunna, the two kings of Midian, fled, but he pursued them and captured them, routing their entire army. Gideon son of Joash then returned from the battle by the Pass of Heres. He caught a young man of Sukkoth and questioned him, and the young man wrote down for him the names of the seventy-seven officials of Sukkoth, the elders of the town. Then Gideon came and said to the men of Sukkoth, “Here are Zebah and Zalmunna, about whom you taunted me by saying, ‘Do you already have the hands of Zebah and Zalmunna in your possession? Why should we give bread to your exhausted men?’ ” He took the elders of the town and taught the men of Sukkoth a lesson by punishing them with desert thorns and briers. He also pulled down the tower of Peniel and killed the men of the town. Then he asked Zebah and Zalmunna, “What kind of men did you kill at Tabor?” “Men like you,” they answered, “each one with the bearing of a prince.” Gideon replied, “Those were my brothers, the sons of my own mother. As surely as the LORD lives, if you had spared their lives, I would not kill you.” Turning to Jether, his oldest son, he said, “Kill them!” But Jether did not draw his sword, because he was only a boy and was afraid. Zebah and Zalmunna said, “Come, do it yourself. ‘As is the man, so is his strength.’ ” So Gideon stepped forward and killed them, and took the ornaments off their camels’ necks. The Israelites said to Gideon, “Rule over us—you, your son and your grandson—because you have saved us from the hand of Midian.” But Gideon told them, “I will not rule over you, nor will my son rule over you. The LORD will rule over you.” And he said, “I do have one request, that each of you give me an earring from your share of the plunder.” (It was the custom of the Ishmaelites to wear gold earrings.) They answered, “We’ll be glad to give them.” So they spread out a garment, and each of them threw a ring from his plunder onto it. The weight of the gold rings he asked for came to seventeen hundred shekels, not counting the ornaments, the pendants and the purple garments worn by the kings of Midian or the chains that were on their camels’ necks. Gideon made the gold into an ephod, which he placed in Ophrah, his town. All Israel prostituted themselves by worshiping it there, and it became a snare to Gideon and his family. Thus Midian was subdued before the Israelites and did not raise its head again. During Gideon’s lifetime, the land had peace forty years. Jerub-Baal son of Joash went back home to live. He had seventy sons of his own, for he had many wives. His concubine, who lived in Shechem, also bore him a son, whom he named Abimelek. Gideon son of Joash died at a good old age and was buried in the tomb of his father Joash in Ophrah of the Abiezrites. No sooner had Gideon died than the Israelites again prostituted themselves to the Baals. They set up Baal-Berith as their god and did not remember the LORD their God, who had rescued them from the hands of all their enemies on every side. They also failed to show any loyalty to the family of Jerub-Baal (that is, Gideon) in spite of all the good things he had done for them.