විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 - Compare All Versions

විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 SROV (Sinhala Revised Old Version)

ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්, බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය. ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය. තවද ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබේවයි කීවේය. දෙවියන්වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළසේක. මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබුණේය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ගිඩියොන්, දෙවියන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ කී පරිදි, මා ලවා ඔබවහන්සේ ඉශ්‍රායෙල් ගලවන සේක් නම්, මෙන්න, මම බැටළු ලොම් මිටියක්, කමතේ තබන්නෙමි. ලොම් මත පමණක් පිනි වැටී, අවට මුළු බිම වියළි ව තිබුණොත්, ඔබ පැවසූ පරිදි මා මගින් ඔබ ඉශ්‍රායෙල් ගලවන වග මම එයින් දැන ගන්නෙමි” යි කී ය. එය එසේ ම සිදු විණ. පසු දා උදෙන් පිබිදි ගිඩියොන්, ලොම් මිටිය තද කළේ ය. ඔහු එය මිරිකූ කල, බඳුනක් පිරෙන්නට පිනි දිය එහි විය. ඉන්පසු ගිඩියොන්, දෙවියන්වහන්සේ අමතමින්, “මා හා කෝප නො වනු මැනව. තව එක් වරක් මම කතා කරන්නෙමි. ලොම් මිටියෙන් තව එක් පිරික්සුමකට අවසර දුන මැනව. මෙවර ලොම් මිටිය වියළි ව තිබියදී, අවට මුළු බිම පිනි ඇතිරේවා!” යි කීවේ ය. ඒ රැයේ දෙවියන්වහන්සේ එය ද කළ සේක. ලොම් පමණක් වියළි ව තිබිණ. මුළු බිම පුරා පිනි විසිරී තිබිණ.

විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 NRSV (Sinhala New Revised Version)

ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්, මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය. එය එසේ ම සිදු විය. ඔහු පසු දා අලුයම නැඟිට බඳුනක් පිරෙන තරමට වතුර ලොම් මිටියෙන් මිරිකා හැරියේ ය. යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය. දෙවියන් වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළ සේක. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබුණේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 SNRV (Sinhala New Revised Version 2018)

විනිශ්චයකාරයන්ගේ පොත 6:36-40 NIV (New International Version)

Gideon said to God, “If you will save Israel by my hand as you have promised— look, I will place a wool fleece on the threshing floor. If there is dew only on the fleece and all the ground is dry, then I will know that you will save Israel by my hand, as you said.” And that is what happened. Gideon rose early the next day; he squeezed the fleece and wrung out the dew—a bowlful of water. Then Gideon said to God, “Do not be angry with me. Let me make just one more request. Allow me one more test with the fleece, but this time make the fleece dry and let the ground be covered with dew.” That night God did so. Only the fleece was dry; all the ground was covered with dew.