විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18
විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ගිඩියොන් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ හමුවෙහි මට දැන් ප්රසාදය ලැබී ඇත්නම්, මා සමඟ මේ කතා කරන්නේ ඔබවහන්සේ ම වගට මට ලකුණක් පෙන්වුව මැනවි. මා ආපසු එන තෙක්, මගේ පිදුම් ගෙනවුත් ඔබ ඉදිරියේ තබන තෙක්, මෙතැනින් ඉවත් ව නො ගිය මැනව” යි ඉල්ලී ය. “ඔබ ආපසු එන තෙක් මම නැවතී සිටින්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18 Sinhala Revised Old Version (SROV)
ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව. ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18 Sinhala New Revised Version (NRSV)
ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව. ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව. ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:17-18 New International Version (NIV)
Gideon replied, “If now I have found favor in your eyes, give me a sign that it is really you talking to me. Please do not go away until I come back and bring my offering and set it before you.” And the LORD said, “I will wait until you return.”