විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “එහෙත් මම ඔබ සමඟ සිටිමි. තනි මිනිසකුට සේ ඔබ මිදියන්වරුන්ට පහර දෙතැ” යි පැවසූ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16 Sinhala Revised Old Version (SROV)
ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ ද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16 Sinhala New Revised Version (NRSV)
ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16 Sinhala New Revised Version 2018 (SNRV)
ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16 New International Version (NIV)
“Pardon me, my lord,” Gideon replied, “but how can I save Israel? My clan is the weakest in Manasseh, and I am the least in my family.” The LORD answered, “I will be with you, and you will strike down all the Midianites, leaving none alive.”