විනිශ්චයකාරයන්ගේ පොත 6:13-15

විනිශ්චයකාරයන්ගේ පොත 6:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ මා ස්වාමිනි, ස්වාමින්වහන්සේ අප සමඟ වන සේක් නම්, මේ හැම දෑ අපට සිදු වී ඇත්තේ මොකද? ‘ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ ස්වාමින්වහන්සේ නො වේ දැ?’ යි කියමින්, අපේ පියවරුන් අපට විස්තර කළ උන්වහන්සේගේ ඒ සියලු මවිත ක්‍රියා දැන් කෝ! ස්වාමින්වහන්සේ දැන් අප ඉවත දමා, මිදියන්වරුන් අතට අප යටත් කර දී ඇතැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ ඔහු දෙස හැරුණු සේක්, “යන්න, ඔබගේ ඔය ප්‍රබලත්වයෙන් ගොස්, මිදියානුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගන්න. ඔබ යවන්නේ මම නො වෙම් දැ?” යි පැවසූහ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්‍රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:13-15 Sinhala Revised Old Version (SROV)

ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය. ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක. ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:13-15 Sinhala New Revised Version (NRSV)

ගිඩියොන් ඔහුට කතා කරමින්, “අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක. ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:13-15 Sinhala New Revised Version 2018 (SNRV)