විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48
විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ගිලියාද් දේශ වාසීන් ඇතුළු ව දාන් පටන් බෙයර්ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ජනයා පිටත් ව අවුත්, මුළු ප්‍රජාව එකාවන් ව මිස්පාහි දී ස්වාමින්වහන්සේ ඉදිරිපිට එක් රැස් වූහ. ඉශ්‍රායෙල් සියලු ගෝත්‍රවලට අයත් ජනයාගේ සියලු ප්‍රධානීහු, දෙවියන්වහන්සේගේ ජනයාගේ රැස්වීමෙහි පෙනී සිටි අසිපත් දැරූ පාබළ සෙබළු හාර ලක්ෂයකි. මේ අතර, ඉශ්‍රායෙල්වරුන් මිස්පා වෙත ගිය වග බෙන්යමින්වරුන්ට සැල විණ. ඉශ්‍රායෙල් ජනයා කතා කරමින්, “මේ අපරාධය සිදු වූයේ කෙසේ ද යන්න අපට කියන්නැ” යි කීහ. මරා දමන ලද කාන්තාවගේ සැමියා වූ ලෙවීයයා එවිට පිළිතුරු දෙමින්, “මම රැය ගත කරන්නට බෙන්යමින්ට අයත් ගිබෙයා වෙත ආවා. මාත්, මගේ අතිරේක බිරිඳත්. ගිබෙයා නායකයින් මට එරෙහිව අවුත්, රාත්‍රියේ මට එරෙහිව ගේ වට කළා. ඔවුන් ආවේ මා මරන්නටයි. ඉන්පසු ඔවුන් මගේ අතිරේක බිරිඳ මැරෙන තුරා දූෂණය කළා. එනිසා මා මගේ අතිරේක බිරිඳ කැබලිවලට කපා, ඉශ්‍රායෙල් උරුම පළාත් හැම එකකට ම කැබැල්ල බැගින් යැවුවා. එසේ කළේ ඔවුන් ඉශ්‍රායෙලය තුළ මේ අපචාරී නීචකම කළ නිසයි. දැන් නුඹලා හැම කෙනෙක් ම, ඉශ්‍රායෙල් සියල්ලෙනි, මොකක් ද නුඹලාගේ අදහස? මොකක් ද නුඹලාගේ තීරණය කියා මෙහිදී කියන්නැ” යි කී ය. එවිට, මුළු ජනතාව එකාවන් ව නැගිට, “අප කිසිවකුත් අපේ කූඩාරමට යන්නේ නැහැ. අපෙන් කිසිවකුත් අපේ නිවෙස්වලට ආපසු යන්නේ නැහැ. දැන් අප ගිබෙයාවට කරන්නේ මෙයයි. පස ඇට මගින් හැඟවෙන ලෙස, අප ඔවුන්ට විරුද්ධ ව යනවා. ඉශ්‍රායෙලය තුළ කරන ලද සියලු නින්දිතාවනට නිසි දඬුවම් දීමට බෙන්යමින්හි ගිබෙයා වෙත යන සේනාවට ආහාර සපයන පිණිස, ඉශ්‍රායෙල් සියලු ගෝත්‍ර වංශ අතරින් සිය දෙනකුගෙන් දස දෙනකු ද දහසකගෙන් සිය දෙනකු ද දස දහසකගෙන් දහසක් දෙනකු ද අප වෙන් කරනවා” යි කීහ. මෙසේ ඉශ්‍රායෙල් සියල්ලෝ එකාවන් ව එක්සත් ව ඒ පුරවරයට විරුද්ධ ව එක් රැස් වූහ. ඉන්පසු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, මුළු බෙන්යමින් ගෝත්‍ර වංශය පුරා මිනිසුන් යවමින්, “මේ මොන අපරාධයක් ද නුඹලා අතරෙහි සිදුකර ඇත්තේ? එබැවින් ගිබෙයා වාසී ඒ අධම මිනිසුන් අපට බාර දීපල්ලා. ඔවුන් මරා, ඉශ්‍රායෙල් වෙතින් ඒ දුෂ්ටකම පහ කර දමන පිණිස යැ” යි පැවසූහ. එහෙත් බෙන්යමින්වරු තම සහෝදර ඉශ්‍රායෙල් ජනයාගේ වචනයට සවන් දුන්නේ නැත. ඉන්පසු බෙන්යමින් ජනයා එක් ව, ඉශ්‍රායෙල් ජනයාට විරුද්ධ ව සටන් වදින පිණිස නගරවලින් පිටතට ගිබෙයා වෙත ආහ. ඒ දවසේ බෙන්යමින්වරුන් ඔවුන්ගේ නගරවලින් සටනට රැස් කළ අසිපත් දරන මිනිසුන් ගණන විසිහය දහසකි. ඒ, තෝරාගනු ලැබ, රැස් කරන ලද, ගිබෙයා වාසී හත්සිය දෙනාට අමතරව ය. මේ සියල්ලන් අතර තෝරා ගන්නා ලද වමත්කරුවෝ හත්සිය දෙනෙක් වූහ. ඒ හැම කෙනකුට ම ගල් පටියෙන් නො වැරදී කෙස් ගහට ම විද්ද හැකි විය. බෙන්යමින්වරුන් හැර, රැස් ව සිටි අසිපත් දැරූ ඉශ්‍රායෙල් ජනයා හාර ලක්ෂයකි. ඔවුහු සියල්ලෝ යුද්ධකාමීහු ය. ඉශ්‍රායෙල්වරු බෙතෙල් වෙත ගොස්, “බෙන්යමින්වරුන්ට විරුද්ධ ව පළමු කොට සටනට යා යුත්තේ අපගෙන් කවුරු දැ?” යි දෙවියන්වහන්සේගෙන් විමසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “පළමු කොට යා යුත්තේ යූදා යැ” යි කී සේක. ඉශ්‍රායෙල්වරු පසු දින උදෑසන නැගිට, ගිබෙයාට එරෙහිව කඳවුරු බැන්දහ. ඉශ්‍රායෙල් ජනයා බෙන්යමින් ජනයාට එරෙහිව යුද්ධයට පිටත් වූ ඉශ්‍රායෙල්වරු ගිබෙයාහි දී ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසුණහ. එවිට බෙන්යමින්වරු ගිබෙයාවෙන් පිට ව අවුත්, ඉශ්‍රායෙල්වරුන් විසිදෙදහසක් ඒ දවසේ කපා හෙළූහ. ඉශ්‍රායෙල්වරු තම තමන් ධෛර්යවත් කරමින්, පළමු දවසේ තමන් රැඳී සිටි තැන්හි යළි පෙළ ගැසුණහ. තවද, ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ අබියසට ගොස්, සවස් වන තෙක් වැලපුණහ. ඔවුහු ස්වාමින්වහන්සේ විමසමින්, “අප යළිත් අපේ සහෝදර බෙන්යමින් ජනයාට විරුද්ධ ව සටනට යා යුතු දැ” යි ඇසූහ. “ඔවුනට එරෙහිව යන්නැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක. එබැවින්, ඉශ්‍රායෙල් ජනයා දෙවන දවසේත්, බෙන්යමින් ජනයාට එරෙහිව ගියහ. මෙවර, ඔවුන්ට එරෙහිව ගිබෙයාවෙන් පිටතට පැමිණි බෙන්යමින් ජනයා ඒ දෙවන දවසේ ඉශ්‍රායෙල්වරුන් තවත් දහඅට දහසක් කපා හෙළූහ. ඔවුන් සියල්ලෝ අසිපත් දරන්නන් වූහ. එවිට, ඉශ්‍රායෙල්වරු, මුළු ජනතාව, මුළු හමුදා සේනාංකය ම බෙතෙල් වෙත ගොස්, එහිදී වැලපුණහ. ඔවුහු ඒ දවසේ ස්වාමින්වහන්සේ ඉදිරියේ ඉඳගෙන, සවස් වන තෙක් නිරාහාර ව සිට, ස්වාමින්වහන්සේ ඉදිරියේ දවන යාග පූජා හා ශාන්ති පූජා පිළිගැන් වූහ. ඉශ්‍රායෙල්වරු ඉන්පසු ස්වාමින්වහන්සේගෙන් විමසූහ. එදවස්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණේ එහි ය. ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත් පීනෙහාස් ඒ දවස්හි එය ඉදිරියේ මෙහෙ කළේ ය. ඔවුහු කතා කරමින්, “අප තවත් වරක්, අපේ සහෝදර බෙන්යමින් ජනයාට එරෙහිව සටනට යා යුතු ද? නවතින්න දැ?” යි ඇසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “යන්න, හෙට මම නුඹලාගේ අත්වලට ඔවුන් යටත් කර දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින්, ඉශ්‍රායෙල්, ගිබෙයා වටා මිනිසුන් රහසේ රැක සිටින්නට සැලැසූහ. ඉශ්‍රායෙල්වරුන් මේ තුන් වන දවසේ ද බෙන්යමින්වරුන්ට එරෙහිව ගිබෙයා ඉදිරිපිට සටනට පෙළ ගැසුණේ කලින් වතාවල මෙනි. එම ජනයාට එරෙහිව පිටතට ආ බෙන්යමින්වරු පුරවරයෙන් එපිටට ඈත් කරවනු ලැබූහ. පෙර වතාවලදී මෙන් ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට පහර දෙමින්, බෙතෙල් හා ගිබෙයා වෙත දිවෙන මහ මාවත්හි, එළිමහන් බිමෙහි අහම්බෙන් මෙන් ඔවුන්ගෙන් තිස්දෙනකු පමණ මරා දැමූහ. එවිට බෙන්යමින්වරු, “පළමුවෙන් වගේ ඔවුන් අප ඉදිරියේ අන්ත පරාජයක් ලබතැ” යි කීහ. එහෙත් ඉශ්‍රායෙල්වරු ඒ අතරේ, “අපි පසුබසිමින් පුරවරයෙන් එපිටට මහ මාවත්වලට ඔවුන් ගෙන්වා ගනිමු” යි කීහ. ඉන්පසු ඉශ්‍රායෙල් ප්‍රධාන සේනාංකය, තමන් සිටි තැන්වලින් මෑත් ව, බාල්-තාමාර්හි සටනට පෙළ ගැසුණු අතර, රහසේ රැක සිටි ඉශ්‍රායෙල් සේනාංක ගිබෙයාට බටහිරින් පිහිටි ඔවුන් සිටි තැනින් මෑත් ව කඩා වැදුණහ. මුළු ඉශ්‍රායෙල් ජනයා අතරින් තෝරා ගැනුණු දසදහසක බළ ඇණියක් ගිබෙයාට පහර දුන්නේ ය. සටන ඒ සා සැහැසි විණ. එහෙත් බෙන්යමින්වරු, විපත්තිය තමන් වෙත කොතරම් ළං වී ඇද්දැයි වටහා නො ගත්හ. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් යටත් කළ සේක. ඉශ්‍රායෙල්වරු ඒ දවසේ විසිපන්දහස් එකසියයක බෙන්යමින් ජනයා ගසා හෙළූහ. ඒ සියල්ලෝ අසිපත් දැරූ අය වූහ. තමන් පරාජය කරනු ලැබ ඇති වග බෙන්යමින් ජනයා දුටුවේ එවිට ය. ඉශ්‍රායෙල්වරු, ගිබෙයාට එරෙහිව ඔවුන් ස්ථානගත කළ රහසේ රැක සිටියවුන් පිට විශ්වාසය තබා, බෙන්යමින් ඉදිරියේ පසු බැස්සහ. රහසේ රැක සිටි සේනාව වහ වහා ගිබෙයා පිට කඩා වැදී, මුළු පුරවරය ම කඩුවෙන් ගසා හෙළූහ. ඉශ්‍රායෙල් මූලික සේනාංකය හා රහසේ රැක සිටි මිනිසුන් අතරේ එකඟතාවක් වූයේ ලකුණක් වශයෙන් ඔවුන් පුරවරය තුළින් දුම් වලාවක් නැංවූ කල, ඉශ්‍රායෙල් මූලික සේනාංකය ආපසු හැරී, සටන් වැදීමයි. බෙන්යමින්, ඉශ්‍රායෙල්වරුන්ට පහර දීමට පටන් ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනකු පමණ මරා දැමූහ. “නිසැක ව ම පළමු සටනේදී මෙන් ඔවුන් අප ඉදිරියෙන් පැරදෙමින් සිටිතැ” යි ඔවුහු කීහ. එහෙත්, දුම් ටැඹ පුරවරයෙන් ඉහළ නැගෙන්නට වන් කල, බෙන්යමින් ජනයා ආපසු හැරී, බැලූහ. එවිට මෙන්න! මුළු පුරවරය ම දුමකින් අහසට නැගෙමින්! ඉශ්‍රායෙල් මිනිස්සු ආපසු හැරුණහ. බෙන්යමින්වරු භයින් කැලඹුණහ. මන්ද විපත්තිය තමන් පිට ළං වී ඇති වග ඔවුහු දුටුවහ. එබැවින් ඔවුහු ඉශ්‍රායෙල්වරුන් වෙතින් හැරී, පාළුකරය දෙසට පලා යන්නට වන්හ. එහෙත් සටන ඔවුනට වඩා ඉස්සර විය. පුරවරයෙන් පිටතට ආ අය ඒ අතර ඔවුන් කපා හෙළූහ. ඔවුහු බෙන්යමින් ජනයා වට කොට, ඔවුන් ලුහුබඳිමින්, ගිබෙයාට නැගෙනහිරදී පහසුවෙන් ඔවුන් යටත් කළහ. බෙන්යමින් ජනයා දහඅට දහසක් වැටී ගියහ. ඔවුහු සියල්ලෝ වීර සටන්කාමීහු ය. ඔවුන් ආපසු හැරී, පාළුකරය දෙසට, රිම්මෝන් පර්වතයට පලා යද්දී, මහ මාවත් දිගේ ඔවුහු පන්දහසක් ඝාතන කරන ලදහ. ඔවුහු ගිදොම් දක්වා ඈතට ලුහුබඳිනු ලදුව, දෙදහසක් දෙනා ඝාතන කරන ලදහ. මෙසේ අසිපත් දැරූ බෙන්යමින්වරු විසිපන්දහසක් ඒ දවසේ වැටී ගියහ. ඒ සියල්ලෝ වීර සටන්කාමීහු ය. එහෙත්, හයසිය දෙනෙක් පාළුකරයෙහි රිම්මෝන් පර්වතයට පලා ගියහ. ඔවුහු රිම්මෝන් පර්වතයෙහි හාර මසක් ගත කළහ. මේ අතර ඉශ්‍රායෙල් මිනිස්සු බෙන්යමින් ජනයාට එරෙහිව ආපසු හැරී, සියල්ලට ම කඩු මූණතින් පහර දුන්හ. පුරවරයට, ජනයාට, සතුනට හා හමු වූ අන් සියල්ලට පහර දුන්හ. ගිය ගිය හැම නගරයක් ම ගිනිබත් කළහ.
විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48 Sinhala Revised Old Version (SROV)
එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය. එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය. (ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට ගිය බව බෙන්යමින් පුත්‍රයන්ට සැලවිය.) මේ දුෂ්ටකම සිදුවුණේ කොහොමදැයි කියන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කීවෝය. එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයාවූ ලෙවීයයා උත්තරදෙමින්: මමත් මාගේ උපභාර්යාවත් නවාතැන් ගන්ට බෙන්යමින්වරුන්ට අයිති ගිබියාට පැමිණියෙමුව. එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔව්හු මා මරන්ට සිතුවෝය, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලාත්කාරකම් කළෝය. එවිට මම මාගේ උපභාර්යාව අරන් ඈ කොට්ඨාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දූෂ්‍යකමක්ද නින්දිතකමක්ද කළෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා සියල්ලෝ මෙහි නුඹලාගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය. එවිට මුළු සෙනඟ එක්කෙනෙකු මෙන් නැගිට කථාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය. අපි දැන් ගිබියාට මෙසේ කරන්නෙමුව; පස ඇට වැටෙන හැටියට ඊට විරුද්ධව යන්නෙමුව; සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය. ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය. ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද? ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුම්කන් දෙන්ට නොකැමතිවූහ. තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වූවෝය. ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ. මේ මුළු සෙනඟ අතරේ වමත හුරුවූ තෝරාගත් මනුෂ්‍යයෝ සත්සියයක් වූවෝය; ඔවුන් සියල්ලෝම හිසකේ ගහක් පමණවත් නොවරද්දා ගල් පටියකින් ගල් විදින්ට පුළුවන් අයය. බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ උදය නැගිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳ ගත්තෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ බෙන්යමින්ට විරුද්ධව යුද්ධයට ගොස් ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධව සටනට පිළිවෙළින් සිටියෝය. එවිට බෙන්යමින් පුත්‍රයෝ ගිබියායෙන් පිටත්ව අවුත් ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් මිනිසුන් විසි දෙදාහක් විනාශකර බිම හෙළුවෝය. සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය. තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ දෙවෙනිදා බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ළංවුණෝය. එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය. එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනඟද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඬමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්ටදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. (ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේ ද: යන්න, මක්නිසාද හෙට ඔවුන් නුඹලා අතට පාවාදෙන්නෙමියි කීසේක. ඉශ්‍රායෙල්වරුද ගිබියා වටකර මිනිසුන් සඟවා සිටෙවුවෝය. තුන්වෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ගොස් වෙන වතාවලදී මෙන් ගිබියා ළඟ පිළිවෙළින් සිටගත්හ. බෙන්යමින් පුත්‍රයෝ සෙනඟට විරුද්ධව පිටතට අවුත් නුවරින් ඈත් වී, වෙන වතාවලදී මෙන් සෙනඟට පහරදෙන්ට පටන්ගෙන, කෙතෙහි බෙතෙල්ටත් ගිබියාටත් යන මාවත් දෙකේදී ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දෙනෙක් පමණ මැරුවෝය. පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය. එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ තමුන් සිටි තැනින් නැගිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිටගත්තෝය. සැඟවී බලා සිටි ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ ස්ථානයවූ ගිබියාහි පිට්ටනියෙන් නික්ම ආවෝය. සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් දසදාහක් ගිබියා ඉදිරිපිටට ආවෝය, සටනද බලතර විය. නුමුත් විපත තමුන්ට ළංවූ බව ඔව්හු නොදැන සිටියාහ. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය. තමුන් පරාජය වෙන බව බෙන්යමින් පුත්‍රයෝ දුටුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ වනාහි තමුන් විසින් ගිබියා ළඟ සඟවා සිටෙවු මනුෂ්‍යයන් විශ්වාසකළ නිසා බෙන්යමින්වරුන් ඉදිරියෙන් ගියෝය. සැඟවී සිටි මිනිස්සුද ඉක්මන්කොට ගිබියාට විරුද්ධව වේගයෙන් පැතිර ගොස් මුළු නුවරට කඩුමුවහතින් පහර දුන්නෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද සැඟවී උන් අයද අතරේ නියමකරගත් ලකුණ නම් නුවරින් මහත් දුම් කඳක් නැග්ගවීමය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සටනේදී හැරුණෝය, බෙන්යමින්වරු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට පහරදෙන්ට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙක් පමණ මරා: පළමුවෙනි සටනේදී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජයවෙනවායයි කීවෝය. එහෙත් දුම් කණුවක් වී ධූමය නුවරින් නගින්ට පටන්ගත්තේය, බෙන්යමින්වරු පස්සට හැරී බැලූ කල නුවර හැමතැනින්ම දුම් අහසට නගිනවා දුටුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුන් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී, ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝය; එහෙත් සටන ඔවුන් පසු පස්සෙහි බලවත්ව පැවතුණේය; නුවරවලින් පිටතට ආ තැනැත්තෝ මැදිවුණාවූ අයින් විනාශකළෝය. ඔව්හු බෙන්යමින්වරුන් හැම අතින් වටකරගන, නැගෙනහිරින් ගිබියාට පැමිණෙන තුරු ඔවුන් පස්සේ එළවාගන ගොස්, ඔවුන් නැවතුණ තැනදී ඔවුන් පාගාදැමුවෝය. මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දාහක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය. ඔව්හු හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම් දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය. මෙසේ බෙන්යමින්වරුන්ගෙන් ඒ දවසේදී වැටුණු, කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝ විසි පන්දහසක්ය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය. නුමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලාගොස් රිම්මොන් පර්වතයෙහි හාර මාසයක් සිටියෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නැවත බෙන්යමින් පුත්‍රයන් ළඟට හැරී ඇවිත්, නුවර මිනිසුන්ටද ගවයන්ටද තමුන්ට සම්බවූ සියල්ලන්ටද කඩුමුවහතින් පහරදී, ඔවුන්ට සම්බවුණු සියලු නුවරවල්ද ගිනිලෑවෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48 Sinhala New Revised Version (NRSV)
එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ. දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ. ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. “මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය. එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින්, “මාගේ උපභාර්යාවත්, මමත් නවාතැන් ගන්නට බෙන්ජමින්වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු. එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය. එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය. එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය. අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ. එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය. ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද? ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ. ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ. මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය. බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය. ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය. ඉශ්රායෙල් සෙනඟ බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව යුද්ධයට ගොස්, ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධ ව සටන සඳහා පිළිවෙළින් සැරසී සිටියෝ ය. එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය. ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය. තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. ඉශ්රායෙල් සෙනඟ දෙ වන දින බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ඔවුන්ට ළඟා වූ හ. එවිට බෙන්ජමින්වරු දෙ වන දා ඔවුන්ට විරුද්ධ ව ගිබියාවෙන් පිටතට අවුත්, යළිත් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් දහඅටදහසක් විනාශ කර බිම හෙළුවෝ ය. මේ සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය. ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය. තුන් වන දා ඉශ්රායෙල්වරු බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ගොස්, වෙන වතාවල දී මෙන් ගිබියාව ළඟ සැරසී සිටගත්හ. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ. “පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය. සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත්, බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්න ව තිබුණු බව නොදැන සිටියහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ. සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය. එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, “පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය. එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය. ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය. ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය. මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය. මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය. ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 20:1-48 New International Version (NIV)
Then all Israel from Dan to Beersheba and from the land of Gilead came together as one and assembled before the LORD in Mizpah. The leaders of all the people of the tribes of Israel took their places in the assembly of God’s people, four hundred thousand men armed with swords. (The Benjamites heard that the Israelites had gone up to Mizpah.) Then the Israelites said, “Tell us how this awful thing happened.” So the Levite, the husband of the murdered woman, said, “I and my concubine came to Gibeah in Benjamin to spend the night. During the night the men of Gibeah came after me and surrounded the house, intending to kill me. They raped my concubine, and she died. I took my concubine, cut her into pieces and sent one piece to each region of Israel’s inheritance, because they committed this lewd and outrageous act in Israel. Now, all you Israelites, speak up and tell me what you have decided to do.” All the men rose up together as one, saying, “None of us will go home. No, not one of us will return to his house. But now this is what we’ll do to Gibeah: We’ll go up against it in the order decided by casting lots. We’ll take ten men out of every hundred from all the tribes of Israel, and a hundred from a thousand, and a thousand from ten thousand, to get provisions for the army. Then, when the army arrives at Gibeah in Benjamin, it can give them what they deserve for this outrageous act done in Israel.” So all the Israelites got together and united as one against the city. The tribes of Israel sent messengers throughout the tribe of Benjamin, saying, “What about this awful crime that was committed among you? Now turn those wicked men of Gibeah over to us so that we may put them to death and purge the evil from Israel.” But the Benjamites would not listen to their fellow Israelites. From their towns they came together at Gibeah to fight against the Israelites. At once the Benjamites mobilized twenty-six thousand swordsmen from their towns, in addition to seven hundred able young men from those living in Gibeah. Among all these soldiers there were seven hundred select troops who were left-handed, each of whom could sling a stone at a hair and not miss. Israel, apart from Benjamin, mustered four hundred thousand swordsmen, all of them fit for battle. The Israelites went up to Bethel and inquired of God. They said, “Who of us is to go up first to fight against the Benjamites?” The LORD replied, “Judah shall go first.” The next morning the Israelites got up and pitched camp near Gibeah. The Israelites went out to fight the Benjamites and took up battle positions against them at Gibeah. The Benjamites came out of Gibeah and cut down twenty-two thousand Israelites on the battlefield that day. But the Israelites encouraged one another and again took up their positions where they had stationed themselves the first day. The Israelites went up and wept before the LORD until evening, and they inquired of the LORD. They said, “Shall we go up again to fight against the Benjamites, our fellow Israelites?” The LORD answered, “Go up against them.” Then the Israelites drew near to Benjamin the second day. This time, when the Benjamites came out from Gibeah to oppose them, they cut down another eighteen thousand Israelites, all of them armed with swords. Then all the Israelites, the whole army, went up to Bethel, and there they sat weeping before the LORD. They fasted that day until evening and presented burnt offerings and fellowship offerings to the LORD. And the Israelites inquired of the LORD. (In those days the ark of the covenant of God was there, with Phinehas son of Eleazar, the son of Aaron, ministering before it.) They asked, “Shall we go up again to fight against the Benjamites, our fellow Israelites, or not?” The LORD responded, “Go, for tomorrow I will give them into your hands.” Then Israel set an ambush around Gibeah. They went up against the Benjamites on the third day and took up positions against Gibeah as they had done before. The Benjamites came out to meet them and were drawn away from the city. They began to inflict casualties on the Israelites as before, so that about thirty men fell in the open field and on the roads—the one leading to Bethel and the other to Gibeah. While the Benjamites were saying, “We are defeating them as before,” the Israelites were saying, “Let’s retreat and draw them away from the city to the roads.” All the men of Israel moved from their places and took up positions at Baal Tamar, and the Israelite ambush charged out of its place on the west of Gibeah. Then ten thousand of Israel’s able young men made a frontal attack on Gibeah. The fighting was so heavy that the Benjamites did not realize how near disaster was. The LORD defeated Benjamin before Israel, and on that day the Israelites struck down 25,100 Benjamites, all armed with swords. Then the Benjamites saw that they were beaten. Now the men of Israel had given way before Benjamin, because they relied on the ambush they had set near Gibeah. Those who had been in ambush made a sudden dash into Gibeah, spread out and put the whole city to the sword. The Israelites had arranged with the ambush that they should send up a great cloud of smoke from the city, and then the Israelites would counterattack. The Benjamites had begun to inflict casualties on the Israelites (about thirty), and they said, “We are defeating them as in the first battle.” But when the column of smoke began to rise from the city, the Benjamites turned and saw the whole city going up in smoke. Then the Israelites counterattacked, and the Benjamites were terrified, because they realized that disaster had come on them. So they fled before the Israelites in the direction of the wilderness, but they could not escape the battle. And the Israelites who came out of the towns cut them down there. They surrounded the Benjamites, chased them and easily overran them in the vicinity of Gibeah on the east. Eighteen thousand Benjamites fell, all of them valiant fighters. As they turned and fled toward the wilderness to the rock of Rimmon, the Israelites cut down five thousand men along the roads. They kept pressing after the Benjamites as far as Gidom and struck down two thousand more. On that day twenty-five thousand Benjamite swordsmen fell, all of them valiant fighters. But six hundred of them turned and fled into the wilderness to the rock of Rimmon, where they stayed four months. The men of Israel went back to Benjamin and put all the towns to the sword, including the animals and everything else they found. All the towns they came across they set on fire.