විනිශ්චයකාරයන්ගේ පොත 2:12-16

විනිශ්චයකාරයන්ගේ පොත 2:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ. ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු බාල් දෙවියාටත්, අෂ්තොරෙත් දේවතාවියටත් මෙහෙ කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණෙන්, ඔවුන් කොල්ල කෑ කොල්ලකරුවන් අතට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. ඔවුන් වටා විසූ ඔවුන්ගේ සතුරනට උන්වහන්සේ ඔවුන් විකුණූ සේක. තම සතුරනට එරෙහිව තවදුරටත් නැගී සිටින්නට ඔවුනට නො හැකි විය. ඉශ්‍රායෙල්වරුන් සටනට ගිය හැම විටෙක හානියක් වන පරිදි ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට එරෙහිව පැවැත්තේ, ස්වාමින්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබූ පරිද්දෙනි. ස්වාමින්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන් සිටියේ දැඩි පීඩනයකිනි. එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:12-16 Sinhala Revised Old Version (SROV)

ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය. එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:12-16 Sinhala New Revised Version (NRSV)

ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:12-16 Sinhala New Revised Version 2018 (SNRV)