විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ? එබැවින් දැන් මා නුඹලාට කියන්නේ ‘නුඹලා ඉදිරිපිටින් මා ඔවුන් පලවා හරින්නේ නැති වගයි. ඔවුන් නුඹලාගේ ඇලයට කටුවක් වනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන් ද නුඹලාට මලපතක් වනු ඇතැ’ යි” කීවේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල්වරුනට මෙවදන් පැවසූ කල, ජනයා උස් හඬ නගා, වැලපෙන්නට වන්හ. ඔවුහු ඒ ස්ථානයට බෝකීම් යන නම තැබූහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේට යාග පූජා පිදූහ. යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ. යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ. නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය. ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්‍රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ. තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ. ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු බාල් දෙවියාටත්, අෂ්තොරෙත් දේවතාවියටත් මෙහෙ කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණෙන්, ඔවුන් කොල්ල කෑ කොල්ලකරුවන් අතට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. ඔවුන් වටා විසූ ඔවුන්ගේ සතුරනට උන්වහන්සේ ඔවුන් විකුණූ සේක. තම සතුරනට එරෙහිව තවදුරටත් නැගී සිටින්නට ඔවුනට නො හැකි විය. ඉශ්‍රායෙල්වරුන් සටනට ගිය හැම විටෙක හානියක් වන පරිදි ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට එරෙහිව පැවැත්තේ, ස්වාමින්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබූ පරිද්දෙනි. ස්වාමින්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන් සිටියේ දැඩි පීඩනයකිනි. එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක. එහෙත් ඔවුන් තම විනිසුරුවන්ටත් සවන් දුන්නේ නැත. මන්ද ඔවුහු අන් දෙවි-දේවතාවුන් අනුව යෑමේ අනාචාරයෙහි යෙදෙමින්, ඔවුනට වැඳ වැටුණහ. ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් අනුගමන කළ මාර්ගයෙන් ඔවුහු ඉතා ඉක්මනින් ඉවත හැරුණහ. ඔවුහු ඔවුන් ආදර්ශයට නො ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුනට විනිසුරුවකු නැගුටුවාලූ කවර විටෙක වුව, ස්වාමින්වහන්සේ එම විනිසුරු සමඟ සිටි සේක්, එම විනිසුරුගේ සියලු දවස්හි දී ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් මුදා ලූ සේක. මන්ද ඔවුන්ට පීඩා ද විපත් ද පැමිණවූවන් යටතේ ඔවුන් කෙඳිරි ගෑ කල, ස්වාමින්වහන්සේ ඔවුනට අනුකම්පා පෑ බැවිනි. එහෙත් ඒ විනිසුරු මිය ගිය විගස, ජනයා අන් දෙවිවරුන් පසු පස යමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුනට වැඳ වැටෙමින්, ඔවුන්ගේ පියවරුන්ටත් වඩා වැඩි දූෂිත මාර්ගවලට හැරී ගියහ. තමන්ගේ දුෂ්ට ක්‍රියා මාර්ග හා දැඩි මුරණ්ඩු මාර්ග, ඔවුන් අත්හැරියේ නැත. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කොට, “මේ ජාතිය ඔවුන්ගේ ආදි පියවරුන්ට නියම කළ ගිවිසුම කඩ කළ නිසාත්, මට සවන් නුදුන් නිසාත්, යෝෂුවා මියැදෙන කල ඉතිරි කොට ගිය ජාතීන්ගෙන් එකකුදු මින් මතු මා මොවුන් වෙතින් පන්නා දමන්නේ නැත. මෙසේ කරන්නේ ඉශ්‍රායෙල්වරුන් තම ආදි පියවරුන් කළ සේ ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිපදිමින්, ඒ මග ගමන් කරන්නේදැයි සෝදිසි කර බැලීමට යැ” යි පැවසූ සේක. යෝෂුවාගේ අතට ඔවුන් පාවා නො දී වහා ඔවුන් පලවා නො හැර ස්වාමින්වහන්සේ ඒ ජාතීන්ට එහිම විසීමට ඉඩ හළ සේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද, මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද? එබැවින්: මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මේ වචන කී විට සෙනඟ ශබ්දනගා හැඬුවෝය. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය. යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය. සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය. ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය. එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක. එහෙත් ඔව්හු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුම්කන්නොදී, අන් දෙවිවරුන් අනුව අනාචාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය. ස්වාමීන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගුටුවාදුන් කල උන්වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට, ඔහුගේ සියලු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවූසේක. මක්නිසාද ඔවුන්ට පීඩාකළාවූ ඔවුන් පොඩිකළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා ස්වාමීන්වහන්සේ අනුකම්පාවූ සේක. නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඬට ඇහුම්කන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්, මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි. මෙසේ කරන්නේ ඔවුන්ගේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂාකළාක් මෙන් ඔව්හු ඒ මාර්ගයෙහි හැසිරෙන ලෙස ඒක රක්ෂාකරන්නෝද නැද්දැයි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්‍රායෙල් සෝදිසිකරන පිණිසයයි කීසේක. එබැවින් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් යෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා, ඉතිරිකළසේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද? එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.” සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය. ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ. ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක. එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක. එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්, මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.” එබැවින් සමිඳාණන් වහන්සේ ඒ ජාතීන් ජෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා එහි විසීමට ඉඩ දුන් සේක.

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-23 New International Version (NIV)

The angel of the LORD went up from Gilgal to Bokim and said, “I brought you up out of Egypt and led you into the land I swore to give to your ancestors. I said, ‘I will never break my covenant with you, and you shall not make a covenant with the people of this land, but you shall break down their altars.’ Yet you have disobeyed me. Why have you done this? And I have also said, ‘I will not drive them out before you; they will become traps for you, and their gods will become snares to you.’ ” When the angel of the LORD had spoken these things to all the Israelites, the people wept aloud, and they called that place Bokim. There they offered sacrifices to the LORD. After Joshua had dismissed the Israelites, they went to take possession of the land, each to their own inheritance. The people served the LORD throughout the lifetime of Joshua and of the elders who outlived him and who had seen all the great things the LORD had done for Israel. Joshua son of Nun, the servant of the LORD, died at the age of a hundred and ten. And they buried him in the land of his inheritance, at Timnath Heres in the hill country of Ephraim, north of Mount Gaash. After that whole generation had been gathered to their ancestors, another generation grew up who knew neither the LORD nor what he had done for Israel. Then the Israelites did evil in the eyes of the LORD and served the Baals. They forsook the LORD, the God of their ancestors, who had brought them out of Egypt. They followed and worshiped various gods of the peoples around them. They aroused the LORD’s anger because they forsook him and served Baal and the Ashtoreths. In his anger against Israel the LORD gave them into the hands of raiders who plundered them. He sold them into the hands of their enemies all around, whom they were no longer able to resist. Whenever Israel went out to fight, the hand of the LORD was against them to defeat them, just as he had sworn to them. They were in great distress. Then the LORD raised up judges, who saved them out of the hands of these raiders. Yet they would not listen to their judges but prostituted themselves to other gods and worshiped them. They quickly turned from the ways of their ancestors, who had been obedient to the LORD’s commands. Whenever the LORD raised up a judge for them, he was with the judge and saved them out of the hands of their enemies as long as the judge lived; for the LORD relented because of their groaning under those who oppressed and afflicted them. But when the judge died, the people returned to ways even more corrupt than those of their ancestors, following other gods and serving and worshiping them. They refused to give up their evil practices and stubborn ways. Therefore the LORD was very angry with Israel and said, “Because this nation has violated the covenant I ordained for their ancestors and has not listened to me, I will no longer drive out before them any of the nations Joshua left when he died. I will use them to test Israel and see whether they will keep the way of the LORD and walk in it as their ancestors did.” The LORD had allowed those nations to remain; he did not drive them out at once by giving them into the hands of Joshua.