විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ? එබැවින් දැන් මා නුඹලාට කියන්නේ ‘නුඹලා ඉදිරිපිටින් මා ඔවුන් පලවා හරින්නේ නැති වගයි. ඔවුන් නුඹලාගේ ඇලයට කටුවක් වනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන් ද නුඹලාට මලපතක් වනු ඇතැ’ යි” කීවේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල්වරුනට මෙවදන් පැවසූ කල, ජනයා උස් හඬ නගා, වැලපෙන්නට වන්හ. ඔවුහු ඒ ස්ථානයට බෝකීම් යන නම තැබූහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේට යාග පූජා පිදූහ. යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ. යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ. නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය. ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද, මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද? එබැවින්: මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මේ වචන කී විට සෙනඟ ශබ්දනගා හැඬුවෝය. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය. යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය. සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද? එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.” සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය. ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 2:1-10 New International Version (NIV)
The angel of the LORD went up from Gilgal to Bokim and said, “I brought you up out of Egypt and led you into the land I swore to give to your ancestors. I said, ‘I will never break my covenant with you, and you shall not make a covenant with the people of this land, but you shall break down their altars.’ Yet you have disobeyed me. Why have you done this? And I have also said, ‘I will not drive them out before you; they will become traps for you, and their gods will become snares to you.’ ” When the angel of the LORD had spoken these things to all the Israelites, the people wept aloud, and they called that place Bokim. There they offered sacrifices to the LORD. After Joshua had dismissed the Israelites, they went to take possession of the land, each to their own inheritance. The people served the LORD throughout the lifetime of Joshua and of the elders who outlived him and who had seen all the great things the LORD had done for Israel. Joshua son of Nun, the servant of the LORD, died at the age of a hundred and ten. And they buried him in the land of his inheritance, at Timnath Heres in the hill country of Ephraim, north of Mount Gaash. After that whole generation had been gathered to their ancestors, another generation grew up who knew neither the LORD nor what he had done for Israel.