විනිශ්චයකාරයන්ගේ පොත 16:15-21

විනිශ්චයකාරයන්ගේ පොත 16:15-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ඈ ඔහු අමතමින්, “ඔබේ හිත මා වෙත නැතිව, ‘මා ඔබට ආදරේ’ යි ඔබ කියන්නේ කොහොම ද? ඔබ මා රැවටූ තුන් වන වතාවයි මේ. ඔබේ මහා ශක්තියේ රහස මට කීවේ නැතැ” යි කීවා ය. මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය. අන්තිමේදී ඔහු ඒ රහස මුළුමනින් තමාට පැවසූ වග වටහා ගත් දෙලීලා, පිලිස්ති පාලකයින් වෙත පණිවුඩ යැවුවා ය. “මේ වතාවේත් එන්න. ඔහු මට හැම දෙයක් ම පැවසී යැ” යි දැන්වූවා ය. එබැවින් පිලිස්තීය පාලකයෝ, රිදී ද අතැතිව යළි ආහ. ඈ, තම උකුළේ ඔහුට නිදන්නට සලසා, මිනිසකු කැඳවා, ඔහුගේ හිසකේ හැඩපලු හත බූ ගෑවූවා ය. ඉන්පසු ඈ ඔහුට පීඩා කරන්නට වූවා ය. ඔහුගේ ශක්තිය, ඔහු හැර ගියේ ය. ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය. එවිට පිලිස්තිවරු ඔහු අල්ලා, ඔහුගේ ඇස් උගුලා, ගාසා වෙත ඔහු ගෙන ගියහ. ලෝකඩ විලංගුවෙන් බඳිනු ලැබ, සිරගෙදර ඇඹරුම් වැඩෙහි ඔහු යොදවනු ලැබිණ.

විනිශ්චයකාරයන්ගේ පොත 16:15-21 Sinhala Revised Old Version (SROV)

එවිට ඈ: නුඹේ සිත මා වෙත නැතිකොට නුඹ මට ආදරේය කියා කියන්නේ කොහොමද? නුඹ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, නුඹේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය. ඉන්පසු ඈ සැමදාම ඇගේ වචනවලින් ඔහුට බලකරමින් ඔහු මැරෙන තරම් ඔහුට කරච්චල්කළ කල්හි, ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය. ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය. ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය. ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය. නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:15-21 Sinhala New Revised Version (NRSV)

එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය. ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය. එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය. සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ. ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය. ඈ ද, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කීවා ය. එවිට සම්සොන් නින්දෙන් පිබිද, සමිඳාණන් වහන්සේ තමා කෙරෙන් අහක් ව ගිය බව නොදැන, වෙන වතාවල දී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නෙමි”යි සිතුවේ ය. එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:15-21 Sinhala New Revised Version 2018 (SNRV)