විනිශ්චයකාරයන්ගේ පොත 15:18-20

විනිශ්චයකාරයන්ගේ පොත 15:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔහුට තද පිපාසයක් දැනිණ. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට හඬ ගසමින්, “ඔබගේ මේ සේවකයා මගින් ඔබවහන්සේ මේ විශිෂ්ට ජයග්‍රහණය දුන් සේක. එහෙත්, දැන් මා පිපාසයෙන් මියැදී, මේ චර්ම-අඡේදිතයන්ගේ අතට හසු විය යුතු දැ?” යි කෑගැසී ය. එවිට දෙවියන්වහන්සේ ලෙහීහි තිබූ කුහර සහිත තැනක් විවර කළ සේක. එතැනින් වතුර ගලා ආවේ ය. සම්සොන් එයින් බීවේ ය. එවිට යළි ශක්තිය ලැබූ ඔහු නව පණක් ලැබී ය. එබැවින් එම උල්පත, ඒන්-හක්-කෝරේ නමින් හඳුන්වනු ලැබී ය. එය මේ දක්වා ලෙහීහි තිබේ. පිලිස්තිවරුන්ගේ සමයේ සම්සොන් අවුරුදු විස්සක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 15:18-20 Sinhala New Revised Version (NRSV)

එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය. එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ. පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 15:18-20 Sinhala New Revised Version 2018 (SNRV)