විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9
විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසුව, ඇය විවාකර ගැනීමට නැවතත් එහි යද්දී සිංහ මළකුණ බැලීමට, ඔහු එදෙසට හැරී ගියේ ය. එවිට මෙන්න! සිංහ මළකුණෙහි මී මැසි රොත්තක් හා මී පැණි! ඔහු තම අතින් ඒවා සූරාගෙන, එය කමින්, ගමන් ගත්තේ ය. ඔහු තම පියා හා මව වෙත අවුත්, ඔවුන්ට ද දුන්නේ ය. ඔවුහු ද ඒවා කෑහ. තමා ඒවා ගත්තේ සිංහ මළකුණෙන් වග ඔහු ඔවුන්ට කීවේ නැත.
විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9 Sinhala Revised Old Version (SROV)
ස්වල්ප දවසකට පසු ඔහු ඈ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රැළක්ද මීපැණිද තිබුණේය. ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔව්හුද කෑවෝය. නුමුත් ඒ මීපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත.
විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9 Sinhala New Revised Version (NRSV)
ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි. ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි. ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
විනිශ්චයකාරයන්ගේ පොත 14:8-9 New International Version (NIV)
Some time later, when he went back to marry her, he turned aside to look at the lion’s carcass, and in it he saw a swarm of bees and some honey. He scooped out the honey with his hands and ate as he went along. When he rejoined his parents, he gave them some, and they too ate it. But he did not tell them that he had taken the honey from the lion’s carcass.