විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19
විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ජනයා ඔහු දුටු විට ඔහු සමඟ සිටින්නට සගයින් තිස්දෙනකු පත් කළහ. සම්සොන් ඔවුන් අමතමින්, “මා දැන් ඔබෙන් තේරවිල්ලක් අහනවා. සාදයේ දවස් හත අතරේ ඔබට එය විසඳිය හැකි වුවහොත්, මා ඔබට හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් දෙනවා. එහෙත් ඒ කුමක් දැයි ඔබට කිව නො හැකි වුවහොත්, හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් ඔබ මට දිය යුතු යැ” යි කීවේ ය. ඔවුහු පිළිතුරු දෙමින්, “හා, ඔබේ තේරවිල්ල කියන්න. අපි එය අහමු” යි කීහ. එවිට ඔහු ඔවුන් අමතමින්, “කා දමන්නාගෙන් කෑමක් නික්මිණි. බලවතාගෙන් මිහිරක් නික්මිණැ” යි පැවසී ය. දවස් තුනක් ම ඔවුන්ට එම තේරවිල්ල විසඳිය නො හැකි විය. හතර වන දවසේ ඔවුහු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “තේරවිල්ල අපට කියන පිණිස චාටුවෙන් නුඹේ සැමියා පොලඹවන්න. නැතහොත්, අපි නුඹත්, නුඹේ පියාගේ නිවසත් ගිනිලන්නෙමු. නුඹලා අප කැඳවා ගත්තේ අප හිඟමනට දමන්නට දැ?” යි පැවසූහ. එවිට, සම්සොන්ගේ බිරිඳ ඔහු ඉදිරියේ හඬා වැටී, “ඔබ මට වෛර කරනවා පමණයි; සැබෑ ආදරයක් ඇත්තේ ම නැහැ. ඔබ මගේ අයට තේරවිල්ලක් කී නමුත්, එහි විසඳුම මට කීවේ නැහැ!” යි කීවා ය. ඔහු ඇයට පිළිතුරු දෙමින්, “මේ බලන්න, මගේ පියාටවත්, මවටවත් මා එය නො කී කොට, මා නුඹට කියන්නේ කුමට දැ?” යි ඇසී ය. කෙසේ වුව ද සාදය පැවති හත් දවසේ ම ඈ ඔහු ඉදිරියෙහි හැඬුවා ය. එබැවින් හත් වන දවසේ ඔහු ඇයට එය පැවසී ය. ඇගේ පෙරැත්තය ඒ සා බලවත් විය. පසුව ඈ, ඇගේ ජනයාට තේරවිල්ල කියා දුන්නා ය. හත් වන දවසේ හිරු බැස යන්නට කලින් එපුර වාසීහු ඔහු අමතමින්, “මී පැණියට වඩා මිහිර කවරේ ද? සිංහයකුට වඩා බලවතා කවරේ දැ?” යි කීහ. එවිට සම්සොන් ඔවුන් අමතමින්, “නුඹලා මගේ නෑම්බිය යොදා හෑවේ නැති නම්, මගේ තේරවිල්ල විසඳන්නේ නැතැ” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ වහ වහා ඔහු පිට පැමිණි සේක. එවිට අෂ්කෙලොන් වෙත පල්ලම් බැස්ස ඔහු, නගරයේ මිනිසුන් තිස්දෙනකු ගසා හෙළා, ඔවුන් සතු දෑ පැහැර, ඔවුන්ගේ ඇඳුම් ගෙන, තේරවිල්ල විසඳූ අයට දුන්නේ ය. ඔහු තම පියාගේ ගෙදරට ගියේ කෝපයෙන් ඇවිළෙමිණි.
විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19 Sinhala Revised Old Version (SROV)
තවද ඔව්හු ඔහු දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝය. සම්සොන් වනාහි: මම දැන් නුඹලාට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම නුඹලාට සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි. ඒක මට විසඳා කියන්ට නුඹලාට බැරිවුණොත් නුඹලා සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද මට දෙන්ට ඕනෑයයි කීවේය. ඔව්හු අපට අසන්ට නුඹේ තේරවිල්ල කියන්නැයි ඔහුට කීවෝය. ඔහුද: බුදින්නා කෙරෙන් භෝජන නික්මුණේය. බලවතා කෙරෙන් මිහිර නික්මුණේයයි ඔවුන්ට කීවේය. ඒ තේරවිල්ල තුන් දවසකින් විසඳා කියන්ට ඔවුන්ට නුපුළුවන්විය. තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට නුඹේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි නුඹත් නුඹේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. නුඹලා අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය. සම්සොන්ගේ භාර්යාව ඔහු ඉදිරියේ අඬා: නුඹ මට වෛරවෙනවාම මිස ආදරේ නැත. මාගේ සෙනඟගේ පුත්‍රයන්ට නුඹ තේරවිල්ලක් කී නුමුත් මට ඒක තෝරාදුන්නේ නැතැයි කීවාය. ඔහුද: බලව, මම මාගේ පියාටවත් මවුටවත් ඒක නොකීයෙමි, නුඹට කෙලෙස කියම්දැයි ඈට කීවේය. ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සත් දවස තිස්සේම ඈ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඈ ඔහුට කරච්චල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඈට කීය. ඈද ඇගේ සෙනඟගේ පුත්‍රයන්ට තේරුම කීවාය. සත්වෙනි දවසේදී ඉරබසින්ට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: මීපැණිවලට වඩා මිහිරි කුමක්ද? සිංහයෙකුට වඩා බලවතා මොකෙක්දැයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා මාගේ නෑම්බීගෙන් නොසෑහුනම් මාගේ තේරවිල්ල දැනගන්ට නොයෙදේයයි ඔවුන්ට කීවේය. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.
විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19 Sinhala New Revised Version (NRSV)
පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝ ය. සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි. එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත්, ඔබ සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද මට දිය යුතු යැ”යි කීවේ ය. ඔව්හු, “අපට ඇසෙන්නට ඔබේ ප්‍රහේලිකාව කියන්නැ”යි ඔහුට කීවෝ ය. ඔහු මෙසේ කී ය. “කන්නා කෙරෙන් කෑමකි; බලවතාගෙන් මිහිරකි.” ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය. සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය. සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය. ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය. සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ: “මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද? සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?” සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ මාගේ නෑම්බිය මඟින් සීසෑවේ නැත්නම්, මාගේ ප්‍රහේලිකාව දැනගන්නට නොහැකි වන්නේ ය.” එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 14:11-19 New International Version (NIV)
When the people saw him, they chose thirty men to be his companions. “Let me tell you a riddle,” Samson said to them. “If you can give me the answer within the seven days of the feast, I will give you thirty linen garments and thirty sets of clothes. If you can’t tell me the answer, you must give me thirty linen garments and thirty sets of clothes.” “Tell us your riddle,” they said. “Let’s hear it.” He replied, “Out of the eater, something to eat; out of the strong, something sweet.” For three days they could not give the answer. On the fourth day, they said to Samson’s wife, “Coax your husband into explaining the riddle for us, or we will burn you and your father’s household to death. Did you invite us here to steal our property?” Then Samson’s wife threw herself on him, sobbing, “You hate me! You don’t really love me. You’ve given my people a riddle, but you haven’t told me the answer.” “I haven’t even explained it to my father or mother,” he replied, “so why should I explain it to you?” She cried the whole seven days of the feast. So on the seventh day he finally told her, because she continued to press him. She in turn explained the riddle to her people. Before sunset on the seventh day the men of the town said to him, “What is sweeter than honey? What is stronger than a lion?” Samson said to them, “If you had not plowed with my heifer, you would not have solved my riddle.” Then the Spirit of the LORD came powerfully upon him. He went down to Ashkelon, struck down thirty of their men, stripped them of everything and gave their clothes to those who had explained the riddle. Burning with anger, he returned to his father’s home.