විනිශ්චයකාරයන්ගේ පොත 13:16
විනිශ්චයකාරයන්ගේ පොත 13:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “ඔබ මා නවතා ගත්තත්, මා ඔබේ ආහාර බුදින්නේ නැත. එහෙත් ඔබ දවන යාග පූජාවක් සූදානම් කරන්නේ නම්, එය ස්වාමින්වහන්සේට ඔප්පු කරන්නැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා නො දත්තේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:16 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:16 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:16 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:16 New International Version (NIV)
The angel of the LORD replied, “Even though you detain me, I will not eat any of your food. But if you prepare a burnt offering, offer it to the LORD.” (Manoah did not realize that it was the angel of the LORD.)