විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40

විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙෆ්තා ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ අම්මොන්වරුන් මගේ අතට යටත් කර දෙන සේක් නම්, අම්මොන්වරුන්ගෙන් ජය ගෙන මා ආපසු එන කල, මා හමුවට මගේ නිවසේ දොරින් පිටතට එන කවුරු වුවත් ස්වාමින්වහන්සේට ම වන්නේ ය. දවන යාග පූජාවක් කොට මම එය ඔප්පු කරන්නෙමි” යි කීවේ ය. ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ට එරෙහිව සටන් වදින්නට එතෙර ව ගියේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අත්වලට ඔවුන් යටත් කර දුන් සේක. ඔහු ආබෙල්-කෙරාමීම් තෙක් ඈතට, අරෝයෙර් පටන් මින්නීත් අවට පෙදෙස දක්වා වූ නගර විස්සක් මහ වැනසීමකින් යටත් කළේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ අම්මොන්වරු යටත් කරන ලදහ. යෙෆ්තා, මිස්පාහි තමාගේ නිවසට ආපසු ආ කල, මෙන්න රබන් වයමින් ද නටමින් ද ඔහු හමුවට පිටතට ආවේ ඔහුගේ ම දියණියයි. ඈ ඔහුගේ එක ම දරුවා ය. ඇය මිස ඔහුට අන් පුතකු හෝ දුවක හෝ නො වී ය. ඔහු, ඇය දුටු කල තම හැඳිවත ඉරා ගනිමින්, “අහෝ මගේ දුවේ! නුඹ මා පහළට ම දැමුවා. මගේ මහ සිත් තැවුලට හේතුව නුඹයි. මන්ද මා මුව පුරා ස්වාමින්වහන්සේට කතා කළා. මගේ බාරය මට ආපසු ගන්නට බැහැ” යි කීවේ ය. එවිට ඈ පිළිතුරු දෙමින්, “මා පියතුමනි, ඔබ, ස්වාමින්වහන්සේට ඔබගේ මුව විවර කර දුන් වචනය ලෙස මට කරන්න. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා ඔබේ සතුරන් වූ අම්මොන්වරුන්ගෙන් පළිය ගෙන ඇත” යි කී ඈ, තවදුරටත් ඇගේ පියා අමතමින්, “ඒත් මේ එක ම වරය පමණක් මට දෙන්න. මටත්, මගේ මිතුරියනටත් කඳුවල ඔබ මොබ ඇවිද, මා කන්‍යාවියක බැවින්, ඒ ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දෙන්නැ” යි ඉල්ලුවා ය. “යන්නැ” යි පැවසූ ඔහු දෙමසක් සඳහා එසේ යෑමට ඇයට ඉඩ දුන්නේ ය. ඈ, තම මිතුරියන් කැටිව, කඳුවලට ගොස්, ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. ඒ දෙමසට පසු ඈ තම පියා වෙත ආපසු ආවා ය. ඔහු තමා වූ බාරය පරිදි ඇය ගැන කටයුතු කළේ ය. ඈ කන්‍යාවියක් ව සිටියා ය. එයින් ඉශ්‍රායෙල්හි සිරිතක් ඇති විය. එනම්, යොවුන් ඉශ්‍රායෙල් ළඳුන් හැම වසරක ම ගිලියාදීය යෙෆ්තාගේ දියණිය සමරා වැලපීමට දවස් හතරක් පිටත් ව යෑම ය.

විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40 Sinhala Revised Old Version (SROV)

යෙප්තා ස්වාමීන්වහන්සේට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්, මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය. මෙසේ යෙප්තා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් වෙතට ගියේය; ස්වාමීන්වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවාදුන්සේක. ඔහු අරොයෙර් පටන් මින්නීත්ට පැමිණෙන තැන දක්වාද ආබෙල්-කෙරාමීම් දක්වාද ඔවුන්ට, එනම් නුවරවල් විස්සකට පහරදී, ඉතා මහත් මැරීමක් කෙළේය. මෙසේ අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබූහ. යෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුම්ද ඇතුව ඔහුගේ පෙරමගට ආවාය. ඈ වනාහි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය. ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, නුඹ මා ඉතා කණගාටු කෙළෙහිය, නුඹ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය. ඈද: මාගේ පියාණෙනි, නුඹේ මුඛය හැර නුඹ ස්වාමීන්වහන්සේට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්වූ අම්මොන් පුත්‍රයන්ගෙන් නුඹ උදෙසා පළිගත් බැවින් නුඹේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය. තවද ඈ තමාගේ පියාට කථාකොට: මෙසේ මට අවසර ලැබේවා–මාද මාගේ යෙහෙළීන්ද ගොස් කඳුවල ඇවිද මාගේ කන්‍යාකම ගැන වැලපෙන්ට දෙමසක් මට කල් දුන මැනවියි කීවාය. ඔහුද: යන්නැයි කියා ඈ දෙමසකට ඇරියේය. ඈ ඇගේ යෙහෙළීන් සමඟ ගොස් ඇගේ කන්‍යාකම ගැන කඳුවල වැලපුණාය. දෙමස තීන්දුවූ කල ඈ ඇගේ පියා වෙතට හැරී ආවාය, එවිට ඔහු තමා වුණාවූ බාරය ඈ කෙරෙහි ඉෂ්ටකෙළේය. ඈ කිසි පුරුෂයෙකු ඇඳින නොගත්තාය. ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇතිවිය.

විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40 Sinhala New Revised Version (NRSV)

ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්, මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය. මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ. ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය. ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය. ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි. එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය.

විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 11:30-40 New International Version (NIV)

And Jephthah made a vow to the LORD: “If you give the Ammonites into my hands, whatever comes out of the door of my house to meet me when I return in triumph from the Ammonites will be the LORD’s, and I will sacrifice it as a burnt offering.” Then Jephthah went over to fight the Ammonites, and the LORD gave them into his hands. He devastated twenty towns from Aroer to the vicinity of Minnith, as far as Abel Keramim. Thus Israel subdued Ammon. When Jephthah returned to his home in Mizpah, who should come out to meet him but his daughter, dancing to the sound of timbrels! She was an only child. Except for her he had neither son nor daughter. When he saw her, he tore his clothes and cried, “Oh no, my daughter! You have brought me down and I am devastated. I have made a vow to the LORD that I cannot break.” “My father,” she replied, “you have given your word to the LORD. Do to me just as you promised, now that the LORD has avenged you of your enemies, the Ammonites. But grant me this one request,” she said. “Give me two months to roam the hills and weep with my friends, because I will never marry.” “You may go,” he said. And he let her go for two months. She and her friends went into the hills and wept because she would never marry. After the two months, she returned to her father, and he did to her as he had vowed. And she was a virgin. From this comes the Israelite tradition that each year the young women of Israel go out for four days to commemorate the daughter of Jephthah the Gileadite.