විනිශ්චයකාරයන්ගේ පොත 1:21-26

විනිශ්චයකාරයන්ගේ පොත 1:21-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් බෙන්යමින් ජනයා යෙරුසලමෙහි විසූ යෙබූසිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් යෙබූසිවරු මේ දක්වාත් බෙන්යමින් ජනයා සමඟ යෙරුසලමෙහි වෙසෙති. යෝසෙප් වංශිකයෝ ද බෙතෙල්ට එරෙහිව ගියහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වූ සේක. යෝසෙප් වංශිකයෝ ඔත්තු බලන පිණිස බෙතෙල් වෙත මිනිසුන් යැවූහ. කලින් එපුරවරයේ නාමය වූයේ ලූස් ය. නගරයෙන් පිටතට මිනිසකු එනු දුටු ඔත්තුකරුවෝ, ඔහුට කතා කොට, “නගරයට ඇතුළු වන හැටි අපට පෙන්වන්න. අපිත් ඔබට කරුණාව දක්වන්නෙමු” යි කීහ. ඔහු ඔවුන්ට නගරය තුළට මං පෙන්වී ය. ඔවුහු එහි වැද, නගරය ම කඩු ගෑ නමුදු, ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් යන්නට හැරියහ. ඒ මිනිසා හිත්තිවරුන්ගේ දේශයට ගොස්, නුවරක් ගොඩ නගා, ඊට ලූස් යැයි නම් තැබී ය. මේ දක්වාත් එහි නම එය ම ය.

විනිශ්චයකාරයන්ගේ පොත 1:21-26 Sinhala Revised Old Version (SROV)

බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති. යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක. යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. රැක සිටියෝද මනුෂ්‍යයෙක් නුවරින් එනවා දැක: නුවරට ඇතුල්වෙන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි නුඹට කරුණාකරන්නෙමුයයි කීවෝය. නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය. ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය.

විනිශ්චයකාරයන්ගේ පොත 1:21-26 Sinhala New Revised Version (NRSV)

බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය. ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය. නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය. ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.

විනිශ්චයකාරයන්ගේ පොත 1:21-26 Sinhala New Revised Version 2018 (SNRV)