යාකොබ් 5:1-6
යාකොබ් 5:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දෙනු ධනවතුනි, ඔබ පිට පැමිණෙන දුක්ඛිතභාවය ගැන හඬා වැටෙන්න; හඬ නගා වැලපෙන්න. ඔබේ ධනය දිරා ගොස් ඇත. ඔබේ ඇඳුම් කාවුන් කා දමා ඇත. ඔබේ රන් රිදී මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට එරෙහිව සාක්ෂියක් ව, ගින්දර මෙන් ඔබේ මාංසය කා දමනු ඇත. අන්තිම දවස්වල ඔබ ධනය ගොඩ ගසා ගෙන ඇත. මෙන්න! ඔබගේ කුඹුරුවල අස්වැන්න නෙළුෑ වැඩකරුවනට ගෙවිය යුතු, එහෙත් ඔබ විසින් වංචනික ව නො ගෙවූ ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොර ගසයි. ඔබගේ අස්වනු නෙළන්නවුන්ගේ අඳෝනාව ද සියලු බලැති ස්වාමින්වහන්සේගේ සවනට ළඟා වී ඇත. මේ පොළොවේ ඔබ ජීවත් වූයේ සුඛ විහරණයෙනි, තමන් ම පිනවා ගැනීමෙනි. ඝාතන කරන දවසට ඔබ ඔබේ හදවත් තරකර ගෙන ඇත. ඔබ, ඔබට විරෝධය නො දැක් වූ අහිංසක මිනිසුන් වරදකරුවන් කොට ඔවුන් මරා දැමී ය.
යාකොබ් 5:1-6 Sinhala Revised Old Version (SROV)
මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න. නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය. නුඹලාගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් නුඹලාගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබුවහුය. බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය. නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්‍යකරගත්තහුය. නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුවහුය; ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත.
යාකොබ් 5:1-6 Sinhala New Revised Version (NRSV)
දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න. ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත. ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය. බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය. ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත. විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.
යාකොබ් 5:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

යාකොබ් 5:1-6 New International Version (NIV)
Now listen, you rich people, weep and wail because of the misery that is coming on you. Your wealth has rotted, and moths have eaten your clothes. Your gold and silver are corroded. Their corrosion will testify against you and eat your flesh like fire. You have hoarded wealth in the last days. Look! The wages you failed to pay the workers who mowed your fields are crying out against you. The cries of the harvesters have reached the ears of the Lord Almighty. You have lived on earth in luxury and self-indulgence. You have fattened yourselves in the day of slaughter. You have condemned and murdered the innocent one, who was not opposing you.