යාකොබ් 4:6-9
යාකොබ් 4:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත්, දෙවියන්වහන්සේ අපට වඩ වඩා අනුග්රහය දක්වන සේක. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක. එහෙත් යටහතුනට අනුග්රහය දෙන සේක.” එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්ර කර ගනිල්ලා. තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න.
යාකොබ් 4:6-9 Sinhala Revised Old Version (SROV)
නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය. එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න. දුක්වෙමින් වැලපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්රීතිය කනගාටුවටත් හැරේවා.
යාකොබ් 4:6-9 Sinhala New Revised Version (NRSV)
එහෙත් උන් වහන්සේගෙන් එන වරප්රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි. ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න. දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්රීතිය දුකටත් හැරේ වා.
යාකොබ් 4:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් උන් වහන්සේගෙන් එන වරප්රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි. ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න. දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්රීතිය දුකටත් හැරේ වා.
යාකොබ් 4:6-9 New International Version (NIV)
But he gives us more grace. That is why Scripture says: “God opposes the proud but shows favor to the humble.” Submit yourselves, then, to God. Resist the devil, and he will flee from you. Come near to God and he will come near to you. Wash your hands, you sinners, and purify your hearts, you double-minded. Grieve, mourn and wail. Change your laughter to mourning and your joy to gloom.