යාකොබ් 4:4-10

යාකොබ් 4:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි. අප තුළ වාසයට දෙවියන්වහන්සේ අපට දුන් ආත්මය ඊර්ෂ්‍යාවෙන් පෙළෙතැයි ශුද්ධ ලියවිල්ල පවසන්නේ නිකමට යැයි ඔබ සිතනවා ද? එහෙත්, දෙවියන්වහන්සේ අපට වඩ වඩා අනුග්‍රහය දක්වන සේක. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක. එහෙත් යටහතුනට අනුග්‍රහය දෙන සේක.” එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්‍ර කර ගනිල්ලා. තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න. ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ ම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත.

යාකොබ් 4:4-10 Sinhala Revised Old Version (SROV)

කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය. නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද? නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය. එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න. දුක්වෙමින් වැලපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක.

යාකොබ් 4:4-10 Sinhala New Revised Version (NRSV)

අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය. “දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද? එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි. ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න. දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක.

යාකොබ් 4:4-10 Sinhala New Revised Version 2018 (SNRV)