යාකොබ් 4:13-15
යාකොබ් 4:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අද හෝ හෙට හෝ අප මේ මේ නගරයට ගොස්, වසරක් ගත කොට, වෙළඳාම් කරමින්, මුදල් උපයන්නෙමු” යි කියන්නෙනි, මට සවන් දෙන්න. හෙට දවසේ කුමක් වේ දැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි. එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි.
යාකොබ් 4:13-15 Sinhala Revised Old Version (SROV)
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.
යාකොබ් 4:13-15 Sinhala New Revised Version (NRSV)
“අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය.
යාකොබ් 4:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
“අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය.
යාකොබ් 4:13-15 New International Version (NIV)
Now listen, you who say, “Today or tomorrow we will go to this or that city, spend a year there, carry on business and make money.” Why, you do not even know what will happen tomorrow. What is your life? You are a mist that appears for a little while and then vanishes. Instead, you ought to say, “If it is the Lord’s will, we will live and do this or that.”