යාකොබ් 4:1-5

යාකොබ් 4:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ අතරේ දබර හා සටන් කොයින් ද? ඒවා පැමිණෙන්නේ ඔබේ ම ඉඳුරන් තුළ සටන් වදින තෘෂ්ණා නිසා නො වේ ද? ඔබට ආශා ඇති වෙයි. එහෙත් ඒවා ඉටු නො වෙයි. එබැවින් ඔබ මිනී මරයි; ඔබ ඊර්ෂ්‍යා වෙයි. එහෙත් වුවමනා දෑ නො ලැබෙයි. එවිට ඔබ දබර කරයි; සටන් කරයි. ඔබට නැත්තේ ඔබ ඉල්ලන්නේ නැති බැවිනි. ඉල්ලුවත් ඒවා ඔබට නො ලැබෙන්නේ, ඔබේ තෘෂ්ණාවලට වැය කිරීමට ඔබ වැරදියට ඉල්ලන බැවිනි. පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි. අප තුළ වාසයට දෙවියන්වහන්සේ අපට දුන් ආත්මය ඊර්ෂ්‍යාවෙන් පෙළෙතැයි ශුද්ධ ලියවිල්ල පවසන්නේ නිකමට යැයි ඔබ සිතනවා ද?

යාකොබ් 4:1-5 Sinhala Revised Old Version (SROV)

නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය; නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය. නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

යාකොබ් 4:1-5 Sinhala New Revised Version (NRSV)

ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද? ඔබ යමකට ආසා වන්නහු ය; එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත; ඒ නිසා ඔබ මිනී මරන්නහු ය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහු ය; ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නහු ය; සටන් කරන්නහු ය. නො ඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය. අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය. “දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද?

යාකොබ් 4:1-5 Sinhala New Revised Version 2018 (SNRV)