යාකොබ් 1:4-10

යාකොබ් 1:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ කිසි අඩුවක් නැතිව, සම්පූර්ණ ව හා පරිපූර්ණ ව සිටින පිණිස, ස්ථිරත්වය සම්පූර්ණයෙන් ම ක්‍රියාකාරී වෙත්වා. ඔබගෙන් යමකු ප්‍රඥාවෙන් හීන නම්, ඔහු ඉල්ලා සිටිය යුත්තේ, වැරදි නො සොයා සියල්ලන්ට නො මසුරු ව දෙන දෙවියන්වහන්සේගෙනි; ඔහුට එය ලැබෙනු ඇත. එහෙත් ඔහු ඉල්ලිය යුත්තේ ඇදහිල්ලෙනි; සැකයෙන් තොර ව ය. මන්ද සැක සිතැත්තා සුළඟට ගසන, ඒ මේ අත පෙරළෙන මුහුදු රැල්ලක් වැනි ය. එබඳු මිනිසා ස්වාමින්වහන්සේගෙන් තමාට කිසිවක් ලැබෙතැයි නො සිතිය යුතු ය. ඔහු දෙබිඩි සිතැත්තෙක් ව, තමාගේ හැම මාර්ගයක ම අස්ථිර ව සිටී. පහත් ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය; ධනවත් ව සිටින සහෝදරයා තම පහත් වීම ගැන ය. මන්ද කැලෑ මලක් සේ ඔහු පහව යයි.

යාකොබ් 1:4-10 Sinhala Revised Old Version (SROV)

නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා. නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය. නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද, ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය.

යාකොබ් 1:4-10 Sinhala New Revised Version (NRSV)

ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා. ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක. එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය. එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා. ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය. පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය.

යාකොබ් 1:4-10 Sinhala New Revised Version 2018 (SNRV)

යාකොබ් 1:4-10 SROV