යෙසායා 9:1-3

යෙසායා 9:1-3 Sinhala Revised Old Version (SROV)

ඔව්හු ඝණාන්ධකාරයට පන්නනු ලබන්නෝය. එහෙත් තද වේදනාවෙන් සිටියාවූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රටද නප්තලී රටද පහත් කළසේක, නුමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යොර්දාන් අසබඩ මුහුදු පළාතවූ ජාතීන්ගේ ගලීලය මහිමතාවට පැමිණවූසේක. අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය. ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.

යෙසායා 9:1-3

යෙසායා 9:1-3 SROVයෙසායා 9:1-3 SROV