යෙසායා 8:14-15
යෙසායා 8:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ශුද්ධස්ථානයක් වන සේක; එහෙත් ඉශ්රායෙල් වංශ දෙකට උන්වහන්සේ මිනිසුන් පැකිළවීමේ ගලක් ද ඔවුන් වැටෙන්නට සලසන පර්වතයක් ද වනු ඇත. යෙරුසලම් ජනතාවට උන්වහන්සේ උගුලක් ද මලපතක් ද වනු ඇත. ඔවුන් බොහෝ දෙනකු පැකිළෙනු ඇත. ඔවුන් වැටී, කැඩී යනු ඇත. ඔවුන් උගුලට හසු වී, අල්ලා ගනු ලබනු ඇතැ” යි කී සේක.
යෙසායා 8:14-15 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක. බොහෝ දෙනෙක්ද එහි වැටී, පොඩිවී, මලපතට වැටී, අසුවෙනවා ඇත.
යෙසායා 8:14-15 Sinhala New Revised Version (NRSV)
මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි. බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”
යෙසායා 8:14-15 Sinhala New Revised Version 2018 (SNRV)
මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි. බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”
යෙසායා 8:14-15 New International Version (NIV)
He will be a holy place; for both Israel and Judah he will be a stone that causes people to stumble and a rock that makes them fall. And for the people of Jerusalem he will be a trap and a snare. Many of them will stumble; they will fall and be broken, they will be snared and captured.”