යෙසායා 7:14-16
යෙසායා 7:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ස්වාමින්වහන්සේ ම ඔබට ලකුණක් දෙන සේක: ඔන්න! කන්‍යාව ගැබ් ගෙන, පුතකු බිහි කරන්නී ය. ඔහුට එම්මානුවෙල් යැයි නම් තබනු ඇත. නරක එපා කොට, හොඳ තෝරාගැනීමට ඔහුට වැටහෙන කල, ඔහු දී-කිරිත්, මී-පැණිත් අහරට ගනු ඇත. එහෙත්, දරුවා නරක එපා කොට, හොඳ තෝරා ගැනීම වටහා ගැනීමට පළමුවෙන්, ඔබ බියපත් වූ රජුන් දෙදෙනාගේ දේශය පාළු වී යනු ඇත.
යෙසායා 7:14-16 Sinhala Revised Old Version (SROV)
එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය. මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.
යෙසායා 7:14-16 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය. නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය. ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.
යෙසායා 7:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය. නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය. ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.
යෙසායා 7:14-16 New International Version (NIV)
Therefore the Lord himself will give you a sign: The virgin will conceive and give birth to a son, and will call him Immanuel. He will be eating curds and honey when he knows enough to reject the wrong and choose the right, for before the boy knows enough to reject the wrong and choose the right, the land of the two kings you dread will be laid waste.
