යෙසායා 65:21-22 - Compare All Versions
යෙසායා 65:21-22 SROV (Sinhala Revised Old Version)
ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.
යෙසායා 65:21-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් ගෙවල් තනා, ඒවායේ වාසය කරනු ඇත. ඔවුන් මිදි වතු වවා, එහි පල භුක්ති විඳිනු ඇත. අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත. අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත. මගේ ජනයාගේ ආයු කාලය, වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය. මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල දිගු කල් භුක්ති විඳිනු ඇත.
යෙසායා 65:21-22 NRSV (Sinhala New Revised Version)
ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය. ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
යෙසායා 65:21-22 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය. ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
යෙසායා 65:21-22 NIV (New International Version)
They will build houses and dwell in them; they will plant vineyards and eat their fruit. No longer will they build houses and others live in them, or plant and others eat. For as the days of a tree, so will be the days of my people; my chosen ones will long enjoy the work of their hands.