යෙසායා 65:1-2
යෙසායා 65:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි. මා නො සෙවූ අයට මම සම්භ වීමි. මගේ නාමයෙන් නො ඇමතූ ජාතියකට ‘මෙන්න මම, මෙන්න මම’ යි කීවෙමි. හිතුවක්කාර ජනතාවක් වෙත දවස මුළුල්ලේ මම මගේ දෑත් දිගු කර ගෙන සිටියෙමි. තමන්ගේ ම කල්පිත උපායයන්හි ගමන් කරමින් ඔවුහු අයහපත් මාර්ගවල ගමන් කරති.
යෙසායා 65:1-2 Sinhala Revised Old Version (SROV)
මා ගැන විභාග නොකළ අයට ප්රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි. කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
යෙසායා 65:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ. කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
යෙසායා 65:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ. කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
යෙසායා 65:1-2 New International Version (NIV)
“I revealed myself to those who did not ask for me; I was found by those who did not seek me. To a nation that did not call on my name, I said, ‘Here am I, here am I.’ All day long I have held out my hands to an obstinate people, who walk in ways not good, pursuing their own imaginations