යෙසායා 62:8-9
යෙසායා 62:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ තම දකුණත ද තම ප්‍රබල බාහුව ද පා මෙසේ දිවුළ සේක: “යළි කිසි දින ඔබේ ධාන්‍ය ඔබේ සතුරන්ගේ ආහාර පිණිස මා දෙන්නේ නැත; ඔබේ වෙහෙස මහන්සියෙන් ඔබ ලබා ගත් අලුත් මිදි යුෂ, විදෙස්සන් බොන්නේ නැත. අස්වනු නෙළාගන්නා අය ම ඒවා භුක්ති විඳ, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරනු ඇත. මිදි පල එකතු කරන අය ම මගේ ශුද්ධස්ථානයේ මිදුල්වලදී ඒවා පානය කරනු ඇත.”
යෙසායා 62:8-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය. නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.
යෙසායා 62:8-9 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය. ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය. මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.
යෙසායා 62:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය. ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය. මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.
යෙසායා 62:8-9 New International Version (NIV)
The LORD has sworn by his right hand and by his mighty arm: “Never again will I give your grain as food for your enemies, and never again will foreigners drink the new wine for which you have toiled; but those who harvest it will eat it and praise the LORD, and those who gather the grapes will drink it in the courts of my sanctuary.”