යෙසායා 6:8-9
යෙසායා 6:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි. එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි. තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න: “ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න. නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’
යෙසායා 6:8-9 Sinhala Revised Old Version (SROV)
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි. උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.
යෙසායා 6:8-9 Sinhala New Revised Version (NRSV)
එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි. උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.
යෙසායා 6:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි. උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.
යෙසායා 6:8-9 New International Version (NIV)
Then I heard the voice of the Lord saying, “Whom shall I send? And who will go for us?” And I said, “Here am I. Send me!” He said, “Go and tell this people: “ ‘Be ever hearing, but never understanding; be ever seeing, but never perceiving.’