යෙසායා 6:5-6 - Compare All Versions

යෙසායා 6:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට මම, “මට වන විපතක මහත! මා විනාශයි: මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසකු වන අපවිත්‍ර තොල් ඇති ජනතාවක් අතර වෙසෙන, මා මගේ ම ඇස්වලින් සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්වහන්සේ දුටු නිසා යැ” යි පැවසීමි. එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්

බෙදාගන්න
යෙසායා 6 SCV

යෙසායා 6:5-6 SROV (Sinhala Revised Old Version)

එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි. එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්

බෙදාගන්න
යෙසායා 6 SROV

යෙසායා 6:5-6 NRSV (Sinhala New Revised Version)

එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්

බෙදාගන්න
යෙසායා 6 NRSV

යෙසායා 6:5-6 SNRV (Sinhala New Revised Version 2018)

එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්

බෙදාගන්න
යෙසායා 6 SNRV

යෙසායා 6:5-6 NIV (New International Version)

“Woe to me!” I cried. “I am ruined! For I am a man of unclean lips, and I live among a people of unclean lips, and my eyes have seen the King, the LORD Almighty.” Then one of the seraphim flew to me with a live coal in his hand, which he had taken with tongs from the altar.

බෙදාගන්න
යෙසායා 6 NIV