යෙසායා 6:2-3
යෙසායා 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ. ඔවුහු එකිනෙකාට හඬ ගාමින්: “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, සේනාංකවල ස්වාමින්වහන්සේ! මුළු පොළොව ම උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරිලා” යි කීහ.
යෙසායා 6:2-3 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය. ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
යෙසායා 6:2-3 Sinhala New Revised Version (NRSV)
සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”
යෙසායා 6:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”
යෙසායා 6:2-3 New International Version (NIV)
Above him were seraphim, each with six wings: With two wings they covered their faces, with two they covered their feet, and with two they were flying. And they were calling to one another: “Holy, holy, holy is the LORD Almighty; the whole earth is full of his glory.”