යෙසායා 59:17-19 - Compare All Versions

යෙසායා 59:17-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ තම ධර්මිෂ්ඨකම ළය වැස්ම වශයෙන් පැලඳි සේක්, ගැලවීමේ ආරක්ෂක හිස් වැස්ම තම හිසේ ලා ගත් සේක. උන්වහන්සේ පළිගැනීමේ ඇඳුම් ඇඟ ලා, පිට කබායක් සේ උද්වේගය ඇඟ ලා ගත් සේක. ඔවුන් කළ දෑ අනුව උන්වහන්සේ පල විපාක දෙන සේක. උන්වහන්සේගේ සතුරනට උදහස ය; විරුද්ධවාදීන්ට ප්‍රති-විපාකය ය. උන්වහන්සේ මුහුදුබඩ වෙසෙන්නන්ට පල විපාක දෙන සේක. එබැවින් ඔවුන් බස්නාහිර පටන් ස්වාමින්වහන්සේගේ නාමයට ද හිරු නැගෙන දෙස පටන් උන්වහන්සේගේ තේජසට ද භය වනු ඇත. මන්ද ස්වාමින්වහන්සේගේ සුළඟින් ගසා යැවෙන වේගවත් ජල ප්‍රවාහයක් සේ, උන්වහන්සේ පැමිණෙන සේක.

බෙදාගන්න
යෙසායා 59 SCV

යෙසායා 59:17-19 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක. උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක. එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක

බෙදාගන්න
යෙසායා 59 SROV

යෙසායා 59:17-19 NRSV (Sinhala New Revised Version)

එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක. එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක. එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

බෙදාගන්න
යෙසායා 59 NRSV

යෙසායා 59:17-19 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක. එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක. එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

බෙදාගන්න
යෙසායා 59 SNRV

යෙසායා 59:17-19 NIV (New International Version)

He put on righteousness as his breastplate, and the helmet of salvation on his head; he put on the garments of vengeance and wrapped himself in zeal as in a cloak. According to what they have done, so will he repay wrath to his enemies and retribution to his foes; he will repay the islands their due. From the west, people will fear the name of the LORD, and from the rising of the sun, they will revere his glory. For he will come like a pent-up flood that the breath of the LORD drives along.

බෙදාගන්න
යෙසායා 59 NIV