යෙසායා 59:12-13
යෙසායා 59:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද අපගේ වරද ඔබ ඉදිරියේ බෙහෙවින් වැඩි වෙයි. අපේ පාප අපට එරෙහිව සාක්ෂි දරයි. අපගේ වරද හැම විට ම අප සමඟ ය; අපේ අයුතුකම් අපි දන්නෙමු. ඒවා නම් කැරලිකාරීකම, ස්වාමින්වහන්සේට ද්‍රෝහිවීම, අපේ දෙවියන්වහන්සේ අනුව නො යා, උන්වහන්සේට පිටුපෑම, විරුද්ධ ව කතා කිරීම, කැරලි ගැසීමට පෙලඹවීම හා අප සිත්හි පිළිසිඳි මුසා පැවසීම ය.
යෙසායා 59:12-13 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අපේ අපරාධ ඔබවහන්සේ ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමඟ තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව. එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
යෙසායා 59:12-13 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු. අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
යෙසායා 59:12-13 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු. අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
යෙසායා 59:12-13 New International Version (NIV)
For our offenses are many in your sight, and our sins testify against us. Our offenses are ever with us, and we acknowledge our iniquities: rebellion and treachery against the LORD, turning our backs on our God, inciting revolt and oppression, uttering lies our hearts have conceived.