යෙසායා 58:11-12
යෙසායා 58:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ නොකඩවා ඔබට මග පෙන්වනු ඇත; උන්වහන්සේ දුෂ්කර තැන්හි දී ඔබේ මනදොළ සෑහීමට පමුණුවා, ඔබේ අස්ථි ශක්තිමත් කරන සේක. ඔබ, මනාව දිය-සැපයුණු උයනක් මෙන්, කිසි දින නො සිඳෙන දිය උල්පතක් මෙන් වනු ඇත. තවද ඔබේ ඉපැරණි නටබුන් යළි ගොඩ නගා, බොහෝ පරම්පරාවල අත්තිවාරම් ඔබ නගා සිටුවනු ඇත. කැඩුණු පවුරු පිළිසකර කරන්නා ය, වාසය පිණිස වීදි ප්රකෘතිමත් කරන්නා ය යනුවෙන් ඔබ හඳුන්වනු ලැබේ.
යෙසායා 58:11-12 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය. නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ
යෙසායා 58:11-12 Sinhala New Revised Version (NRSV)
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය. නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
යෙසායා 58:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය. නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
යෙසායා 58:11-12 New International Version (NIV)
The LORD will guide you always; he will satisfy your needs in a sun-scorched land and will strengthen your frame. You will be like a well-watered garden, like a spring whose waters never fail. Your people will rebuild the ancient ruins and will raise up the age-old foundations; you will be called Repairer of Broken Walls, Restorer of Streets with Dwellings.