යෙසායා 56:6-8

යෙසායා 56:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්, උන්වහන්සේට මෙහෙකිරීමටත්, ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ සේවකයන් වීමටත්, සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්– මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.” ඉශ්‍රායෙල් පිටුවහලුන් එක් රැස් කරන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “දැනටමත් එක් රැස් කරන ලද්දවුනට අමතරව මම තවත් ඔවුන් අතරට එක් රැස් කරන්නෙමි.”

යෙසායා 56:6-8 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය. පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.