යෙසායා 56:1-2
යෙසායා 56:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “යුක්තියෙහි පවතින්න. ධර්මිෂ්ඨකම කරන්න. මන්ද ඉක්මනින් මගේ ගැලවීම පැමිණේ. මගේ ධර්මිෂ්ඨකම ඉක්මනින් හෙළි කෙරේ. මෙසේ කරන මිනිසා, එය තදින් අල්ලාගෙන සිටින මනුෂ්‍ය පුත්‍රයා, සබත පවත්වන, එය නො කෙලෙසන, දුෂ්ටකම් කිරීමෙන්, තම අත වළක්වාගන්න මිනිසා භාග්‍යවත් ය.”
යෙසායා 56:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
යෙසායා 56:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. “යුක්තිය ඉටු කර හරි දේ කරන්න. මම නුඹලා නොපමා ව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත. මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
යෙසායා 56:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. “යුක්තිය ඉටු කර හරි දේ කරන්න. මම නුඹලා නොපමා ව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත. මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
යෙසායා 56:1-2 New International Version (NIV)
This is what the LORD says: “Maintain justice and do what is right, for my salvation is close at hand and my righteousness will soon be revealed. Blessed is the one who does this— the person who holds it fast, who keeps the Sabbath without desecrating it, and keeps their hands from doing any evil.”