යෙසායා 55:9-12
යෙසායා 55:9-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ, මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය. මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය. වැස්ස හා හිම, අහසින් පොළොවට වැටී, පොළොව තෙත් කොට, දළු පැළ නංවා, වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස, ආපසු හැරී නො එන්නේ යම් සේ ද, මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි. එය හිස් අතින් මා වෙත හැරී නො එයි. එය මගේ අභිලාෂය ඉෂ්ට කර, මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි. මන්ද ඔබ ප්‍රීතියෙන් පිටතට යනු ඇත. සාමයෙන් පෙරට ගෙන යනු ලබනු ඇත. කඳු හා හෙල්, ඔබ ඉදිරියේ ගී ගයන්නට නැගී සිටී; කෙත් වත්හි සියලු ගස්, අත්පොළසන් දෙන්නට වෙයි.
යෙසායා 55:9-12 Sinhala Revised Old Version (SROV)
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.
යෙසායා 55:9-12 Sinhala New Revised Version (NRSV)
අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.” “අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.” “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.
යෙසායා 55:9-12 Sinhala New Revised Version 2018 (SNRV)
අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.” “අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.” “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.
යෙසායා 55:9-12 New International Version (NIV)
“As the heavens are higher than the earth, so are my ways higher than your ways and my thoughts than your thoughts. As the rain and the snow come down from heaven, and do not return to it without watering the earth and making it bud and flourish, so that it yields seed for the sower and bread for the eater, so is my word that goes out from my mouth: It will not return to me empty, but will accomplish what I desire and achieve the purpose for which I sent it. You will go out in joy and be led forth in peace; the mountains and hills will burst into song before you, and all the trees of the field will clap their hands.