යෙසායා 54:11-17 - Compare All Versions
යෙසායා 54:11-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අහෝ පීඩාවට පත් කුණාටුවෙන් පහර ලැබූ, සැනසීමක් නො ලද නගරය, මෙන්න, නිල් මැණිකෙන් මම ඔබ ගොඩ නගමි. ඉඳුනිලෙන් ඔබේ අත්තිවාරම් දමමි. ඔබේ ආරක්ෂක පවුරු රතුකැටවලින් ද ඔබගේ ගේට්ටු දිළිසෙන මැණික් ගලින් ද ඔබගේ මුළු පවුර, වටිනා මැණික්වලින් ද තනමි. ඔබගේ පුතුන් සැවොම ස්වාමින්වහන්සේ විසින් උගන්වනු ලබති. ඔබගේ දරුවන්ගේ ශාන්තිය අති මහත් වනු ඇත. දමිටුකමින් ඔබ ස්ථාපිත කෙරේ: දුෂ්ට පාලනය ඔබෙන් ඈතට යනු ඇත. බිය වීමට ඔබට කිසි හේතුවක් නො වනු ඇත. භීතිය ඔබෙන් දුරුවනු ඇත. එය ඔබ අසලටවත් පැමිණෙන්නේ නැත. යමකු සටනට ඔබ පොලඹවතත් ඒ මවෙතින් නො වේ. සටනට ඔබ පොලඹවන කවුරු වුවත්, ඔබ නිසා වැටී යනු ඇත. “බලන්න! ගල් අඟුරින් ගිනි මොළවා, නිසි කාරියට ආයුධ තනන කම්මල්කරුවා මැවුවේ මම ය. සංහාරය සඳහා විනාශකයා මැවුවේ ද මම ය. ඔබට එරෙහිව නිම වන ලද කිසි ආයුධයක් සඵල නො වේ. විනිශ්චයේදී ඔබට එරෙහිව චෝදනා කරන හැම දිවක් ම ඔබ විසින් වරදට පත් කෙරේ. ස්වාමින්වහන්සේගේ සේවකයින්ගේ උරුමය එයයි. මවෙතින් ලැබෙනා ඔවුන්ගේ නිදොස් බවේ සහතිකය මෙය යැ!” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙසායා 54:11-17 SROV (Sinhala Revised Old Version)
අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි. නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි. නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය. මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය. අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 54:11-17 NRSV (Sinhala New Revised Version)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි. නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි. නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය. නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත. කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය. ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය. නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
යෙසායා 54:11-17 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 54:11-17 NIV (New International Version)
“Afflicted city, lashed by storms and not comforted, I will rebuild you with stones of turquoise, your foundations with lapis lazuli. I will make your battlements of rubies, your gates of sparkling jewels, and all your walls of precious stones. All your children will be taught by the LORD, and great will be their peace. In righteousness you will be established: Tyranny will be far from you; you will have nothing to fear. Terror will be far removed; it will not come near you. If anyone does attack you, it will not be my doing; whoever attacks you will surrender to you. “See, it is I who created the blacksmith who fans the coals into flame and forges a weapon fit for its work. And it is I who have created the destroyer to wreak havoc; no weapon forged against you will prevail, and you will refute every tongue that accuses you. This is the heritage of the servants of the LORD, and this is their vindication from me,” declares the LORD.