යෙසායා 53:5-6 - Compare All Versions

යෙසායා 53:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු. අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක.

බෙදාගන්න
යෙසායා 53 SCV

යෙසායා 53:5-6 SROV (Sinhala Revised Old Version)

නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.

බෙදාගන්න
යෙසායා 53 SROV

යෙසායා 53:5-6 NRSV (Sinhala New Revised Version)

එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.

බෙදාගන්න
යෙසායා 53 NRSV

යෙසායා 53:5-6 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.

බෙදාගන්න
යෙසායා 53 SNRV

යෙසායා 53:5-6 NIV (New International Version)

But he was pierced for our transgressions, he was crushed for our iniquities; the punishment that brought us peace was on him, and by his wounds we are healed. We all, like sheep, have gone astray, each of us has turned to our own way; and the LORD has laid on him the iniquity of us all.

බෙදාගන්න
යෙසායා 53 NIV