යෙසායා 53:3-10

යෙසායා 53:3-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය. එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු. අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක. එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු එතුමා තම මුව විවර කළේ නැත. මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව, විවර කළේ නැත. එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි; මගේ ජනයාගේ නොපනත්කම් නිසා ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද? ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය. මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය. එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත; එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත. එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.

යෙසායා 53:3-10 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක. උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක. උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය. ඔව්හු උන්වහන්සේගේ මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්ත්‍රකාරයන් සමඟ විය; මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත. එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.

යෙසායා 53:3-10 Sinhala New Revised Version (NRSV)

මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය; දරාගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ. බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ; මනු ලොවින් සිඳදමනු ලැබූ හ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ. මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද? එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය. ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය. එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.

යෙසායා 53:3-10 Sinhala New Revised Version 2018 (SNRV)